Wednesday, 27 April 2022

අවුං සාන් සූ කී ට වසර 5ක සිර දඬුවම් !


බලයෙන් පහ කළ මියන්මාර හිටපු නායිකා අහුං සාන් සූ කී දූෂිණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු කරමින් අවුරුදු 5ක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය අද (අප්‍රේල් 27) තින්දු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇයට එරෙහිව ගොනු කර තිබෙන දූෂණ නඩු 11න් පළමු නඩුවට ඇය මෙලෙස වරදකාරිය වී ඇති බව ය.

2021 වසරේ මුල් භාගයේදි හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමට පෙර වසර පහක් මියන්මාරයට නායකත්වය දුන් නොබෙල් ත්‍යාගලාභ සූ කීට අවම වශයෙන් වැරදි 18ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඒ සියල්ලට ම වරදකරු වුවහොත් වසර 190කට ආසන්න ඒකාබද්ධ උපරිම සිර දඬුවම් නියම කළ හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ ය.

සු කී මේ වන විට 76 වන වියේ පසු වෙයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව හෙළි නොකළ ස්ථානයක රඳවා තබා ඇති අතර, සුළු වැරදි සම්බන්ධයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී මිට පෙර වරදකරු වූ ඇයට වසර හයකට සිර දඬුවම් නියම කර තිබිණි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...