Wednesday, 27 April 2022

අගමැති ‌ගෙදර යවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ ලු


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකහ බව ජනාධිපති ගෝඨාභය රජපක්ෂඝ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් සහ මන්ත්‍රිවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

ඒ අනුව, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතු වන ලෙස එම ලිපියෙන් ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

එමෙන් ම, අප්‍රේල් මස 29 වන දින පෙ.ව. 10.30ට අදාළ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පන්ස නායකයින්, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂිය නියෝජනය කළ හා මේ වන විට ස්වාධින කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පන්ති නායකයින්ට ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස එම ලිපිය මගින් ඉල්ලීමක් කර තිබේ.

එහිදි ඉදිරියේදි පිහිටුවිමට නියමිත නව රජයේ දළ සැලැස්ම සහ වත්මන් අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් අනතුරුව නව සර්ව පාක්ෂික රජයක් පිහිටුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස් කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්, 2020 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ හා මේ වන විට ස්වාධින කණ්ඩායම් වශයෙන් කටයුතු කරන පන්ය නායකයින් වෙත ජනාධිපතිවරයා විසින් එම ආරාධනය සිදුකර කරනු ලැබ ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...