Wednesday, 27 April 2022

ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක ශ්‍රේණිගත කිරීම් තවදුරට ත් පහළට !


Fitch Ratings විසින් ශ්‍රි ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරට ත් පහත හෙළනු ලැබ තිබේ.

ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම Watch Negative (RWN) ලෙස තබා ඇත.

අදාළ බැංකු නොවන මූල්‍ය ආයතන 12 පහතින් දැක්වේ.

01. Bimputh Finance PLC (Bimputh)

02. CBC Finance LTD (CBCF)

03. Central Finance Company PLC (CF)

04. Fintrex Finance Limited (Fintrex)

05. HNB Finance PLC (HNBF)

06. LB Finance PLC (LB)

07. Mercantile Investments and Finance PLC (MIF)

08. People's Leasing & Finance PLC (PLC)

09. Sarvodaya Development Finance Limited (SDF)

10. Senkadagala Finance PLC (Senka)

11. Siyapatha Finance PLC (Siyapatha)

Securities Firm:

1. Asia Securities (Pvt) Ltd (ASPL)

Fitch සඳහන් කර ඇත්තේ, මෙහි සඳහන් කර නොමැති ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන අනුබද්ධිත සමාගම්වල ජාතික ශ්‍රේණිගත කිරීම් වෙන වෙන ම සමාලෝචනය කරන බව ය.

මේ අතර, ඊයේ (අප්‍රේල් 26) S&P Global Ratings ශ්‍රේණිගත කිරීම්වල ද ශ්‍රි ලංකාව තවදුරට ත් පහත හෙළා තිබිණි.

ඒ අනුව, Selective Default ලෙස එහි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සටහන් කර තිබිණි.



අම්රා ලියාකත්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...