Friday, 8 April 2022

ශ්රී ලංකාව දකුණු ආසියාවේ පහළට ම වැටෙන බවට ADB අනතුරු අඟවයි !


2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වාර්තාගත ලෙස අඩු විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

'Asian Development Outlook නම් වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් එම බැංකුව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධන අනුපාතය මෙම වසරේදී 24% දක්වා පහත වැටෙනු ඇති බව ය.

ඒ අනුව, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධන අනුපාතය අඩු ම රට බවට පත් වනු ඇත. (ඇෆ්ඝනිස්ථානයේ දත්ත නොමැතිව)

2013 වසරේ වන විට එය 2.5%ක් දක්වා සුළු වශයෙන් ඉහළ යා හැකි බව ද එහි සඳහන් වේ.

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ, මෙම වසරේ දකුණු ආසියාවේ උද්ධමනය ඉහළ ම රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව ය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය 13.3% දක්වා ඉහළ යනු ඇති බවට එහි සඳහන් වේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...