Friday, 1 April 2022


"ජනතාවට සංවේදීව සවන් නොදී ඔවුන් මර්දනය කිරිම සහ අත්තනෝමතික ලෙස මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සහ අඩංගුවට ගැනීම පිළිකුල්සහගත ලෙස හෙළා දකින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

උන් වහන්සේ ඉල්ලා සිටියේ, කඩා වැටී ඇති ආර්ථිකයෙන් අප්‍රමාණ ලෙස පීඩා විඳින ජනතාව තවතවත් පිඩාවට පත් නොකර ප්‍රජාතන්ත්‍රවාදීව සහ අවිහිංසාවාදීව විරෝධය පළ කිරීමේ උත්සාහයන් මර්දනය කිරීමෙන් වළකින ලෙස ය.

අද පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

“දැන් මේ රට විනාශ කළා ඇති, දැන් නවත්වන්න," යනුවෙන් උන් වහන්සේ දේශපාලකයින්ගෙන් ඉල්ලිමක් ද කළහ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...