Friday, 1 April 2022


 

මිරිහානේ පැවති ජනතා උද්ඝෝෂණය අතරතුර පොදු දේපළවලට හානි කරන ලද්දේ ආණ්ඩුව විසින් ම මෙහෙයවන ලද කණ්ඩායම් විසින් දැයි සැකයක් මතු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අප්‍රේල් 01 පැවති මාධ්‍ය හමුවකදී ය.

උද්ඝෝෂණවලදී මෙවන් තත්ත්වයන් ඇති වීම ආණ්ඩුවට වාසිදායක බැවින් ඔවුන් එවැන්නක් ඇති කර ගැනීමට බලා සිටින බව ද අනුර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව, ආණ්ඩුව හිතාමතා සැලසුම් කර මේ සඳහා කණ්ඩායමක් යෙදවූයේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් මතු වන බව ද ඔහු සඳහන් කළේය.

අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේ, අත දරුවන් වඩා ගත් මව්වරුන්, වැඩිහිටියන්, දරුවන් බිරින්දෑවරුන් සමග පැමිණි ස්වාමි පුරුෂයන් උද්ඝෝෂණ වලට පැමිණ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන බව ය.

පොදු ජනතාවගේ සාධාරණ උඝෝෂණයකට පහර දිමට හෝ බලහත්කාරි ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බව ත්, අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කළ යුතු බව ත් ඔහු අවධාරණය කළේ ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...