Friday, 29 April 2022

උණ්ඩියල් හා හවාලා ක්රමවලින් රට සල්ලි එවීමට මහ බැංකුවෙන් වැට !

 

බැංකු ක්‍රමයට පිටතින් විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදි පියවර ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 29) පැවති මාධ්‍ය හමුවකදී ය.

උණ්ඩියල් සහ හවාලා යන ක්‍රම ඔස්සේ එලෙස වින්දේශ විනිමය හුවමාරු වන බව ත් එලෙස හුවමාරු වන වින්දේශ විනිමය අත්‍යවශ්‍ය නොවන ආනයනය සඳහා වැය කරන බවට හඳුනාගෙන ඇති බව ත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන් ය.

ඒ අනුව, එම මුදල් බැංකු ක්‍රමය වෙත නැවත ගෙන්වා ගැනීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, එහි ප්‍රථම පියවර ලෙස මුදල් අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කරන බව ය.

මේ අතර, රටට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය උපයන සියලු ම කර්මාන්ත හා සේවා සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, පාලනයකට යටත්ව සෘජුව ආනයනය කිරීමට එම සමාගම් විසින් උපයා ගනු ලබන ඩොලර් ප්‍රතිශතයක් වැය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රි ලංකා මහ බැංකුව සකසා දි ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවසිය.

මෙම ප්‍රතිලාභ අපනයනය ඉලක්ක කර ගත් ඇඟළුම්, නිම් භාණ්ඩ ආදි නිෂ්පාදන කටයුතුවල යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සඳහා හිමි වන අතර ඔවුන් සිය නිෂ්පාදන අපනයනය කර උපයා ගන්නා ඩොලර් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය සඳහා සෘජුව භාවිත කිරීමට ඒ අනුව අවස්ථාව සැලසෙනු ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...