පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කර, මේ වන විට ස්වාධිනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග අද (අප්‍රේල් 29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකහතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
පක්ෂ වල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාෂාව සඳහා සහභාගි වූ නියෝජිතයන්ගෙන් පස් දෙනෙකු නම් කිරීමට ද එහිදී තීරණය කර තිබේ.
පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබා ගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේස්ත, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනරත්න, දයාසිරි ජයස්කර, පූජ්‍ය අතුරලියේ රතන හිම්, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා, ජයන්ත සමරවීර, ජයරත්න හේරත්, විරාන් අලස්, ජගත් පුෂ්පකුමාර, නලින් ප්‍රනාන්දු, එම්.එම්. අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග, විරසුමන වීරසිංහ සහ අසංක නවරත්න යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.
No comments:
Post a Comment