Friday, 29 April 2022

රඹුක්කන විරෝධතාව : පොලිස් රෝහලේ සිටියදී ම SSP කීර්තිරත්න රිමාන්ඩ් !


රඹුක්කන විරෝධතාව අතරතුරදි සිදුකළ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බි. කිර්තිරත්න මැයි 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලිනි පෙරේරා මහත්මිය අද (අප්‍රේල් 29) නියෝග කළා ය.

සැකකරු නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අධිකරණ නියෝග පරිදි ඊයේ (අප්‍රේල් 28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනිණි.

ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය පොලිස් රෝහල වෙත ගොස් සැකකරු පරික්ෂා කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ද ඊයේ මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.



හංසි නානායක්කාර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...