Monday, 25 April 2022

බ්රිතාන්යයේ හොඳ ම නළුවා අරගලයේ අභියෝග ගැන කතා කරයි !


ආණ්ඩු විරෝධී අරගලය ඉදිරියේදි විවිධ බලවේග මගින් බෙදිමට උත්සහ කරනු ඇතැයි පසුගිය දා ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය දිනා ගත් හිරාන් අබේස්කර පවසයි.

අද (අප්‍රේල් 25) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, තත්ත්වය ශුභවාදි වීමට පෙර තරමක් අපහසු වනු ඇති බව ය.

මෙය ශ්‍රී ලංකාවට අලුත් බව ත් එය සංවර්ධනය කර ඉදිරියට ගෙන යා යුතු බව ත් ඔහු එහිදී වැඩිදුරට ත් පැවසිය.

"මොන රටේ ද මේ වෙලාවේ අරගල භූමියක පුස්තකාලයක් තියෙන්නේ? ඒක සංකේක්කයක්. එනන ඒ භූමිය. ඒක ම තමයි මම හිතන්නේ develop වෙලා මුළු රටට ම යන්න ඕනේ. යමක් වෙමින් පවතිනවා. ඒක හැබැයි ලංකාවට හරි ම අලුත්. ඉස්සරහට තව චුට්ටක් අමාරු වෙයි හොඳ වෙන්න කලින්. දෙපැත්තකට කඩන්න හදයි. එක එක බලවේගයන් විසින්. ඒක විශ්වාස නොකර දිගට ම ආදරෙන් මේක කරගෙන ඉස්සරහට යමු."

ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනිමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේස්කර පසුගිය දා සමත් විය.

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙද්දී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාටෙල් විසින් රචිත 'ලයිෆ් ඔෆ් පයි' නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.

අනතුරුව ඔහු මෙරට ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සම්බන්ධවීම සඳහා මෙරට පැමිණියේ ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...