Monday, 25 April 2022

ලංකාවේ ආර්ථිකය ගොඩගන්න හැටි ගැන පාර්ලිමේන්තුවට ටියුෂන් දෙන්න හොම්බෙන් ගිය රටකින් උපදේශකයෙක් !

 


"මෙරට පවතින ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේ ද?” යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක් අප්‍රේල් 27 වන දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එදින පස්වරු 2.30ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 දි මෙම විශේෂ වැඩසටහන පැවැත්වෙන අතර මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ, පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මගින් බව පාර්ලිමේන්තු සන්නිවෙිදන අංශය පැවසීය.

මේ සඳහා ප්‍රධාන සම්පඥායකයා ලෙස සම්බන්ධවන්නේ ආචාර්ය ස්නිවර්ම්නිම් වාග්ලේ මහතා ය.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ, ඔහු ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සම්බන්ධව වීශේෂඥයෙකු ලෙස රටවල් 36ක් සමග වර්තමානයේ කටයුතු කරමින් සිටින බව ත් ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෙකු ලෙස කටයුතු කර ඇති බව ත් ය.

මෙම වැඩමුළුව මෙහෙයවන වාග්ලේ මහතා නේපාල ජාතිකයෙකු වන අතර නේපාලය මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබේ.

මෙරට ඇතැම් ආර්ථික විද්යකයින් පෙන්වා දෙන්නේ, ඔහුගේ උපන් බිම වන නේපාලයේ ආර්ථිකය කඩා වැටී ඇති අවස්ථාවක එවැනි ආර්ථික විශේෂඥයෙකු හරහා වැඩමුළු පැවැත්වීම හාස්‍යයට කරුණක් බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...