ශ්‍රී ලංකාවේ අභිමානවත් ජනතාව ඔවුන්ගේ ප්‍රකාශනයේ නිදහස සඳහා වන අයිතිය සාමකාමීව භාවිත කරනු දැකීමෙන් තමන් අමන්දානන්දයට පත්වූ බව ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සයුබට් මහතා පවසයි.
ටිවිටර් පණිවුඩයක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ , 1989 වසරේදී ජර්මනිය යළි එක් කිරීම සඳහා සාමාකම් විරෝධතා කෙතරම් බලවත් වී ද යන්න තමන්ට සිහි ගන්වන බව ය.
සාමකාමීව සහ ශක්තිමත්ව ඊට සහභාගි වී සිටින සියලු පාර්ශවවලට සුබ පතන බව ද ඔහු සඳහන් කර තිබේ.


No comments:
Post a Comment