ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික පෙත්සමක් ගොනු කර තිබේ.
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය මහ ජනතාව වෙත ලබා දීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන
තොග වහා ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම කොමිසම විසින් අදාළ පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බලශත්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ, එම අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එහි මුදල් මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කාර මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර ඇත්තේ , අනාගතයේදී මතු විය හැකි බලශක්ති අර්බුදයක් පිළිබඳව තමන් 2016 වසරේ සිට රජයේ බලධාරීන් හා ආයතන වෙත වරින්වර උපදෙස් නිකුත් කිරීමක් සිදු කළ බව ය.
2015 වසරින් පසුව මහා පරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමක් සිදු නොවූ බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය එවැනි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරිම සඳහා පියවර ගන්නා ලෙස තමන් රජයේ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබූ බව ද සඳහන් කර ඇත.
එසේ වුව ද වර්තමානයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරිමට සිදු වී ඇතැයි පෙන්වා දෙන එම කොමිසම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ත් සඳහන් කර තිබේ.
අප්‍රේල් මස අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් අවශ්‍ය වන බව එම කොමිසම සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව, අඛණ්ඩව විදුලිය සැපයීමට නොහැකි වීම හේතුවෙන් මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ද පෙත්සම මගින් ඔවුන් ඉල්ලා තිබේ.
එමෙන් ම අඛණ්ඩව විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග මිල දී ගැනීම සඳහා වහා ම අමරිකානු ඩොලර් මිලියන 200ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යවරයා, භාණ්ඩාගාර
ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ එහි මුදල් මණ්ඩලය වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස එම කොමිසම වැඩිදුරට ත් ඉල්ලා ඇත.
No comments:
Post a Comment