Friday, 1 April 2022


මිරිහාන, පැඟිරිවත්ත පාර ආසන්නයේදි පැවති විරෝධතාවලට එක්වූවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රහාරයන්ට ලක්වූවා ද යන්න විමසීම සඳහා අද දිනයේදී ඔවුන් හමුවී ප්‍රකාශ සටහන් කර ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 01 දිනයේදි ද ඔවුන් හමුවීමට සිය කණ්ඩායමක් පිටත්ව ගිය බව ය.

එහෙත්, අත්අඩංගුවේ පසු වන පිරිස් යම් ආතතියකින් පෙළෙන බව දක්නට ලැබුණු හෙයින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම අදට කල් දමා තිබේ.

අත් අඩංගුවට ගෙන ඇති පිරිස් රඳවා සිටින පොලිසි, රෝහල් ආදී ස්ථානවලට මානව හිමිකම් කොමිසමේ විශේෂ කණ්ඩායමක් අද දිනයේදී ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...