රජයට එරෙහිව විරෝධතා පැවැත්වීම තහනම් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානතියන් රාසමාණික්කම් මහතාට එරෙහිව කලව චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
කලවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය එම ඉල්ලීම අනුමත කරමින් රාසමානික්කම් මහතාට විරෝධතා පැවැත්වීම තහනම් කර ඇත.
ඒ අනුව, එම නියෝගය අද අප්‍රේල් 28 පොලිසිය විසින් ඔහුට භාර දෙනු ලැබ තිබේ.
ඔහු අද දින කලු වංචිකුඩි සිට කල්මුණේ දක්වා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ත් එමගින් මාර්ගය අවහිර වී රථවාහන තදබදයක් ඇති විය හැකි බව ත් දන්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ල මගින් අධිකරණය වෙත දන්වා තිබේ.
එමෙන් ම එමගින් මහ ජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා වන අතර සාමාන්‍ය ජනතාවට අපහසුතාවන්ට මුහුණ දිමට සිදු වන බව ද ඉන් පෙන්වා දී ඇත.
රටේ පවතින තත්ත්වයත් සමග යම් සිද්ධියක් සිදුවුවහොත් එම තත්ත්වය කෝලාහලයකට තුඩු දිය හැකි බව ද ඔහු සිය පැමිණිල්ල මගින් දන්වා තිබේ.
ඒ අනුව, රාමාණික්කම් මහතාට අධිකරණ නියෝග කර ඇත්තේ, අදාළ නියෝගය ලැබුණු දින සිට ඉදිරි දින 14 තුළ ප්‍රවාහන සේවාවන්ට සහ සාමාන්‍ය ජනතාවට බාධා වන කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙස ය.
එමෙන් ම, ඔහුගේ ආධාරකරුවන්ට ද විරෝධතා දැක්වීම තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාසමානික්කම් මහතා ප්‍රකාශ කළේ, සියලු ලාංකිකයින් තමන් සමග සිටින පසු බිමක සිය ආධාරකරුවන් යැයි පොලිසිය අදහස් කළේ කුමක් ද යන වග තමන් නොදන්නා බව ය.
'එක රටක් එක නීතියක් අනුගමනය කරන රටක දෙමළ ජනතාවට පමණක් විරෝධතා පැවැත්වීම තහනම් කරන්නේ මන්දැයි ඔහු රජයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේ ය.
No comments:
Post a Comment