දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඒ අනුව දෛනිකව 80,000ක් දක්වා වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කෙරෙන බව ය.
රට තුළ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ත් මාස දෙකක් පමණ කාලයක් මෙම සීමා කිරීම ක‍්‍රියාත්මක කෙරෙනු ඇති බව ත් ඔහු පැවසීය.
මේ වන විට ත් එය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, ඒ අනුව නගරවලට සහ අත්‍යවශ්‍ය දේවලට පමණක් ගෑස් සැපයීම සිදු වනු ඇති බව ය.
"අසූ දහස, 30000කට විතර අඩු කරන්න සිද්ධ වෙනවා තියෙන තත්ත්වේ හැටියට. 28%ක් ඉන්නවා නගරවල. ඒ අයට අපිට දෙන්න වෙනවා. දැනට දර නැතුව ගෑස් භාවිත කරන අයට අපිට දෙන්න සිද්ධ වෙනවා. නැත්නම් මේක කරන්න විධියක් නැහැ. මේ සල්ලිවල තියෙන ප්‍රශ්නය එක්ක.”
මෙරට මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඩොලර් මිලියන 30ක් පමණ අවශ්‍ය බව සභාපතිවරයා පෙන්වා දුන්හ.
No comments:
Post a Comment