Monday, 25 April 2022

ජීවන් තොණ්ඩමන් සහ මුස්ලිම් කොංග්රසය ආණ්ඩුව ගැන දැඩි තීරණයක් ගනිති !

විපක්සය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියත විශ්වාසංභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දිමට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් මහතා තිරණය කර තිබේ.

මහ ජනතාවගේ හා වතුකර ජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව ඔහු විවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.

රටේ වත්මන් වතාවරණය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ විධායක සභාව අද (අප්‍රේල් 25) රැස් වූ බව ත් එහිදී මෙම තීරණය ගනු ලැබු බව ත් ඔහු පැවසීය.

ජීවන් තොණ්ඩමන් මහතා වත්මන් ආණ්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේදි ස්වාධිනව සිටින බව ය.

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්.එස්. තවුෆීක්, ෆයිසාල් කාසිම් සහ සමස්ත ලංකා මහජන

කොංග්‍රසයේ අබ්දුල් රහුමාන් ඉසාක් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ද විපර්ශ යේ විශ්වාසභංග යෝජනාවට පන්ති ව ඡන්දය ලබාදීමට තීරණය කර තිබේ.

ආණ්ඩුවට සහය ලබා දෙමින් සිට පසුව ආණ්ඩුවට සහාය නොදෙන බවට මෙම මන්ත්‍රිවරු තිදෙනා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ. 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...