21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම සඳහා වහා ම පක්ෂය නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නැයි විපක්ස නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
එමෙන් ම මෙම රැස්වීමට නිතිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය නිලධාරීන් මෙන් ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද කැඳවීමට පියවර ගන්නා ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇත.
මෙය තවදුරට ත් ප්‍රමාද කිරීමට හෝ සාකච්ඡා කරමින් සිටිමට කාලයක් නොවන බව මෙම ලිපිය මගින් ඔහු පෙන්වා දි තිබේ.
රටේ ජනතාව ඉල්ලා සිටින්නේ, වහා ම රටට පිළිගත හැකි විසඳුමක් සඳහා පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතු බැවින් මේ මොහොතේ කතානයකවරයා ගන්නා කිරණ රටේ අනාගතය තීරණය කරන බව එම ලිපියේ වැඩිදුරට ත් අවධාරණය කර ඇත.

No comments:
Post a Comment