Friday, 29 April 2022

තලිබාන් පාලනයට එරෙහිව ඇෆ්ඝනිස්ථානයේ හමුදා නිලධාරීන් පිරිසක් යුද්ධයකට සැරසෙති !


ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගත් තලිබාන් කැරලිකරුවන්ට එරෙහිව සටනක් දියත් කිරීමට සූදානම් බව එරට යුද්ධ හමුදාවේ හිටපු උසස් නිලධාරීයෙකු වන ලුතිනන් ජෙනරල් සම් සදාත් අනාවරණය කර තිබේ.

ඔහු පවසන්නේ, තලිබාන්වරුන්ට එරෙහි සටන සඳහා තමන් සමග දේශපාලනඥයින් මෙන් ම විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල පිරිසක් ද සිටින බව ය.

තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය පාලනය කළ පසුගිය මාස 8 තුළදි ප්‍රත්‍යක්ෂ වූයේ, රට ගොඩ ගැනීම සඳහා යුද්ධමය ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය වන බව යැයි ඔහු පවසා ඇත.

පසුගිය මාසයේ ඔහු යළි ඇෆ්ඝනිස්ථානයට පැමිණීමට අපේක්ඛා කරන අතර Eid උත්සවයෙන් පසු තලිබාන්වරුන්ට එරෙහි යුද්ධය ආරම්භ වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේ ය.

ඇෆ්ඝනිස්ථානයේ පාලන බලය තලිබාන්වරුන් අතට පත්වූයේ, පසුගිය අගෝස්තු මාසයේදි ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...