ඉන්දියාවේ යාචකයෙකු ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් 20,000ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින දෙමළ වැසියන්ට සහන සැලසීම සඳහා මෙම මුදල් පරිත්‍යාග කර ඇති බව ය.
මදුරෙයි නුවර වෙසෙන පූල්පඩි නමැති එම යාචකයා අදාළ මුදල තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ සහන අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ඔහු එම මුදල උපයා ඇත්තේ , මදුරෙයි නුවර සිහමන් යැදීමෙනි.
මුදල්වලට ආශා නොකරන බව කියන ඔහු තමන් සිහමන් යැදීමෙන් උපයන මුදල් අසරණයින්ට | සහන සැලසීම සඳහා පරිත්‍යාග කරන බව පවසයි.
ඔහු මීට පෙර ද අවස්ථා කිහිපයකදී ම මුදල් පරිත්‍යාග කර තිබේ.
No comments:
Post a Comment