Friday, 8 April 2022

''භේද පසෙක ලා සෑම පුරවැසියෙකු ම විරෝධතාවලට එක්වන්න''

 

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකු ම ඉදිරියට පැමිණ විරෝධතාවලට එක් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු මෙන් ම තරග තීරකයෙකු ද වන රොෂාන් මහානාම මහතා ඉල්ලා සිටියි.

ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ , ජන වර්ගය, ආගම හෝ දේශපාලන පසුබිම සැලකිල්ලට නොගෙන මෙම විරෝධතාවලට සියලු පුරවැසියන් එක් විය යුතු බව ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් වැඩි දෙනෙකුට තමන් තුළ ගරුත්වයක් නොමැති බව ත්, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට වගවීම සඳහා ඔවුන්ට බල කිරීමට අප සියලු දෙනා එක් විය යුතු බව ත් ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර, ජනතා විරෝධතා සාමකාමී විය යුතු අතර දේපළ හානි කිරීම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවන ලෙස ද ඔහු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත.



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...