අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසම් සභාව පිළිබදව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් අද වෙළදපොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත විසින් සිදු කර තිබේ.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, කොමිසම තුළ රාජකාරී කරනු ලබන නීතිගරු නීති නිළධාරිනියකට ආ අනීතික උපදෙසකින් ඇයට නියෝග කර ඇත්තේ - කොමිසම විසින් විමර්ෂණ අරඹා ඇති ලිපි ගොනු කිහිපයක ඉතා වැදගත් පිටු කිහිපයක් විනාශ කර දමන ලෙසයි.
ඇය එම උපදෙසට අවනත නොවුණු බැවින්, ඇයට එරෙහිව විනය පියවර ගැනීමට ඉහළ නිළධාරියෙකු විසින් පියවරගෙන ඇති බවද පැවසේ.
නීතී නිළධාරීන් සහ විමර්ෂණ නිළධාරීන්ට තර්ජනය කරමින් වසා දැමීමට සූදානම් වන ලිපිගොනු 19 ක් තිබෙන බව පුවත්පත පවසයි.
එම ලිපිගොනු 19 න් ලිපිගොනු 13 ක්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධ ලිපිගොනු ය.
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව ඇති ලිපිගොනු ඒ අතර වේ.
පුවත්පත එම ලිපිගොනුවල අංක සහ ප්රධාන චෝදනා සටහන් කර තිබේ.
ඊට අමතරව, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්රනාන්දු, නිස්සංක සේනාධිපති, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ යන අයට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවන්ට අදාල වාර්තා ද වසා තැබීමට තීරණය කර ඇති බව පුවත්පත වාර්තා කරයි.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ සභාපතිනිය පවසා ඇත්තේ රෝහිත අබේගුණවර්ධනට එරෙහි ලිපිගොනුව නැවත සකස්කර ඉක්මනින්ම නඩු දමන බවයි.
No comments:
Post a Comment