අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂි මහතාගේ ප්‍රකාශයක් බව පවසමින් පසු ගිය දා මාධ්‍ය වෙත නිකුත් කරන ලද හඬ පටය සංස්කරණය කර, සකස් කරන ලද හඩ පටයක් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.
ඔහු ඒ බව ප්‍රකාශ කරන විඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
එමගින් විරසිංහ මහතා පෙන්වා දෙන්නේ, එහි අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්නේ මාධ්‍යව්වේදියෙකු නොවන බව ත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මගින් එය සංස්කරණය කර සකසා මාධ්‍ය වෙත නිකුත් කළ හඬ පටයක් බව
"ඔය වොයිස් කට් එක පණිවිඩයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. මාධ්‍යවේදී මහත්මයෙක් අහපු ප්‍රශ්නයක් නෙවෙයි. එයාල ම, අග්‍රාමාන්‍ය මාධ්‍ය අංශයෙන් එඩිට් කරලා, බට් කරලා හදපු එකෙක් තමයි හැම එකකට ම එක ක්ලිප් එක ගියේ. අගමැතිතුමාගේ හෘද සාක්ෂියේ හඩ නෙවෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ."
අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ, ඔහු සුපුරුදු සුවයෙන් සිටින බව ය.
එමෙන් ම, ව්‍යායාම වල නිරත වෙමින් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළ බව එම කාර්යාලය සඳහන් කර තිබිණි.

No comments:
Post a Comment