Monday, 25 April 2022

තත්ත්වය භයානකයි ! මෙන්න තව ත් වාර්තාවක් !


වාර්ෂික උද්ධමන අනුපාතය වැඩි ම රටවල් අතර ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පත්ව ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිව්
හෑන්ක් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, තම වාර්ෂික උද්ධමන අනුපාත දර්ශකය අනුව මෙම වසරේ අප්‍රේල් මස 21 වන දා වන විට මෙරට උද්ධමන අනුපාතය 119%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය.

එම දර්ශකය අනුව, ලොව වැඩි ම වාර්ෂික උද්ධමනය පෙන්නුම් කරන්නේ සිම්බාබ්වේ වන අතර දෙවන ස්ථානයේ ලෙබනනය පසු වෙයි.

හෑන්ක් මහතා නැවතත් අවධාරණය කරන්නේ, උද්ධමනය සහ රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව මුදල් මණ්ඩලයක් පත් කළ යුතු බව ය.



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...