Friday, 8 April 2022

''මට රට හදන්න ත් බෑ, ඉංග්රීසි ත් බෑ, පාර්ලිමේන්තු එන්නෙ ත් නෑ'' - පොහොට්ටු මන්ත්රී චාමර සම්පත් !

රටේ පවතින වටපිටාව විසදෙන තෙක් මාස 3ක කාලයක් තමා පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

අද (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වූ අවස්ථාවේදී ජනතාව දේවාලයකට පැමිණි සේ කාල්ටන් නිවසට පැමිණිය ද මේ වන විට ජනතාවගේ තත්ත්වය වෙනස් වී ඇති බව ය.

එබැවින් ජනතාවගේ තත්වය තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, තමාට රට සෑදිමට නොහැකි අතර රට සාදනු ලැබිය යුත්තේ නායකයින් විසින් බව

එබැවින් රට තුළ පවතින ගැටලුව විසඳෙන තෙක් තමා පාර්ලිමේන්තුවට නොපැමිණෙන අතර පැමිණිය ද ප්‍රකාශ සිදු නොකරන බව ද ඔහු පැවසීය.

"ඉදිරියට මෙම තත්වය විසදෙනකම් පාර්ලිමේන්තුවට නොපැමිණ හා පාර්ලිමේන්තුවට එනවා නම් මාස 3ක් ප්‍රශ්නය විසඳුනා ම. එනම් මෙම ප්‍රකාශයක් කරන්නේ ත් නෑ. මම මේ ප්‍රකාශය කරන්න හේතුව සමහරු කියනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බාගන්නවා කියල.

මට අගමැති වෙන්න වුවමනාවක් නෑ. මට ඕනෑ නම් පුළුවන් ඌවේ මහ ඇමතිකම කරන්න ආපහු

නොදුත්. ඒ නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා. මට ඉංග්‍රීසි භාෂාව බෑ... මට ජාත්‍යන්තරය බෑ. මට පුළුවන් ද මේ රට හදන්න? මට රට හදන්න බෑ රට හදන්නේ මේ නායකයෝ.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...