ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන හේම සේනානායක අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් ප්‍රාන්තයේ ජීවත් වන අයෙකි. ඔහු එක්සත් ජනපද ආර්ථිකයේ උච්චාවචනයන් සම්බන්ධව පර්යේෂණ ග්‍රන්ථ කිහිපයක් ම එළිදැක්වූ විද්වතෙකි. ඔහු ආචාර්ය උපාධියට හදාරා ඇත්තේ අමෙරිකාව ඇතුළු දියුණු ආර්ථිකයන්ගේ ණය අර්බුදයන්ට හේතුව කුමක් ද යන්න ය. ණය අර්බුදයන් ඔහුගේ ප්‍රධාන විෂය යි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදය ජය ගත හැකි ද? හැකි නම් ඒ සඳහා අනුගමනය කළ යුතු උපායමාර්ග කවරේ ද? යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂක හේම සේනානායක මෙසේ අදහස් දක්වයි.
"ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි, ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට කෙටිකාලින විසඳුමක් සොයාගත නොහැකි වුණොත් අපට දිර්ඝකාලින විසඳුමක් පිළිබඳව සිතන්නටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. බොහෝ අය අදහස් ප්‍රකාශ කරනවා මේ අර්බුදය විසඳන්න අවුරුදු දෙකක් හෝ තුනක් ගත වීමට ඉඩ ඇත කියා. නමුත් එහෙම තත්ත්වයක් නොවේ තිබෙන්නේ. අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කෙටිකාලින විසඳුමක් සොයා නොගතහොත් දීර්ඝකාලීන විසඳුමකට කිසිසේත්ම පැමිණීමට නොහැකි තරම් දරුණු අර්බුදයක් ඉදිරිපිට යි අපි ඉන්නේ.
මේ නිශ්චිත මොහොතේදී අප තේරුම් ගත යුතුයි, කෙටිකාලීන විසඳුමකට එළැඹිය හැක්කේ අප විසින් දීර්ඝකාලින සර්ව ආර්ථික මූලෝපායයක් සකස් කර ගැනීමෙන් පමණයි. රට මුහුණ දී ඇති ප්‍රශ්නය පිළිබඳව මේ වන විට පුරවැසියන්ට යම් අවබෝධයක් තිබෙනවා. ආර්ථිකය සම්බන්ධ දැනුමක් තියෙන අය මේ අර්බුදය හඳුන්වන්නේ ගෙවුම් ශේෂ හිඟය පිළිබඳ ගැටලුවක් හැටියට යි. සාමාන්‍ය ජනතාව අර්බුදය දකින්නේ ආනයන සඳහා ඩොලර් සංචිත නැතිකමේ අර්බුදයක් හැටියට යි. පොදුවේ ගත් විට අර්බුදය සම්බන්ධයෙන් ජනතාව අතර අවබෝධයක් තිබෙන බව කිව හැකි යි. එය හොඳ තත්වයක්. නමුත් කනගාටුදායක තත්ත්වය වන්නේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධව නිශ්චිත විසඳුමක් රජයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොතිබීම යි.
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුම් මාර්ග ගණනාවක් නැහැ. ඒක ම විසඳුම් මාර්ගයක් පමණයි තිබෙන්නේ. මට අවධාරණය කරන්න අවශ්‍ය වී තිඛෙන්නේ එය යි. ඉන් අදහස් වන්නේ රජයටත් ප්‍රධාන විපක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් විපක්ෂයේ අනෙකුත් සුළුතර පක්ෂ වලටත් පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති පෙරටුගාමී වැනි පවලටත් තමන්ට ම සුවිශේෂී වූ විසඳුම් මාර්ගයක් ඉදිරිපත් කරන්නට නොහැකි අවස්ථාවක් මේක. එයින් පෙන්වන්නේ ආර්ථික විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ කරගත් විසඳුම් මාර්ගයකට රටම එක්සත් කළ යුතු බව හා එක්සත් කළ හැකි බව ය.
මේ අර්බුදය සඳහා විසඳුමක් ගෙන ඒමේදී එවැනි එක්සත් බවක් අනිවාර්යයෙන් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් කනගාටුවට කාරණය වන්නේ අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට මේ ගැන නිවැරදි අවබෝධයක් නැතිකම. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවලදී ඔවුන් කතා කළේ ව්‍යවස්ථාව වෙනස් කිරීම, විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වැනි දේශපාලන කාරණා සම්බන්ධවයි. විසඳුම් මාර්ග තිබෙන්නේ එකක් නම්, ඒ ගැන පාර්ලිමේන්තුවේ සියලු ම පාර්ශ්වයන්ට එක්සත් විය හැකි නම්, දැනට සිටින ජනාධිපතිවරයා හෝ ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා කවුද යන්න වැදගත් වන්නේ නැහැ. මක්නිසා ද යත් ආර්ථික විද්‍යාත්මකව තාක්ෂණික වශයෙන් නිවැරදි වැඩපිළිවෙළක් සඳහා පාර්ලිමේන්තුව මගින් රටම එක්සත් කර ඇති නිසා.
අවාසනාවකට පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොවන්නේ ඒ කාරණය යි. දැන් එතකොට අපට මතුවන ප්‍රශ්නය තමයි මොකක් ද මේ ආර්ථික විද්‍යාත්මකව නිවැරදි විසඳුම් මාර්ගය. ඒක තමයි තර්කානුකූල ප්‍රශ්නය. අපි මුලින් කතා කළා මේ ආර්ථික අර්බුදය ගෙවුම් ශේෂ හිහයේ ගැටලුවක් බව. එය වෙනත් ආකාරයකට සඳහන් කරනවා නම් ආනයනික භාණ්ඩ වලට ගෙවීම සඳහා අප සතුව විදේශ මුදල් නෑ. ඕනෑ ම රටක ගෙවුම් ශේෂ අර්බුදයක් උග්‍රවින අවස්ථාවකදී ඊට දේශිය විසඳුම් නැහැ. ඒක තමයි ඇත්ත.
අලුතෙන් ආපු මහ බැංකු අධිපතිවරයා රජයට සහ පාර්ලිමේන්තුවට, මේ අර්බුදය සඳහා දේශීය විසඳුමක් නොමැති බව පැහැදිලි කළ යුතුව තිබුණා. නමුත් ඔහු එසේ කළේ නෑ. ඔහු ඇවිදින් රටේ පොලී අනුපාතය වැඩි කළා. එය අර්බුදය සමහන් වීමට ප්‍රතිඵලදායක වුණේ නැහැ. දේශිය විසඳුම් මේ වෙලාවේ වැඩ කරන්නේ නැහැ. ආනයනික භාණ්ඩ ප්‍රශ්නකාරී ලෙස සීමා කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව මහා භාණ්ඩාගාරය පාර්ලිමේන්තුවට කියන්නට අවශ්‍ය යි.
ඇත්ත වශයෙන් ම රටේ ජාතික සම්පත්, ඩොලර් සඳහා විකුණන්නේ නැතිව මේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අපට උදවු කළ හැකි පාර්ග තුනක් සිටිනවා. පළමුවෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. දෙවැනි කණ්ඩායම තමයි ණය හිමිකරුවෝ. තුන්වැනි පිරිස තමයි විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව. මේ පාර්ශ්ව තුනට ම මේ අර්බුදයේදී අපට ක්ෂණිකව උදවු කළ හැකි යි.
ගෙවුම් ශේෂ ගැටලුව ඉක්මනින් විසදා ගැනීම සඳහා මේ පා තුනම අපට ඉතාමත් වැදගත්. භයානක ම දේ තමයි මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳා ගත නොහැකි වුවහොත් දීර්ග කාලීන විසඳුම් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, රටේ අනාගතය පිළිබද විස් බලාපොරොත්තුවක් තැබිය නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.
ප්‍රධාන ම හේතුව තමයි අපේ ආනයනික කර්මාන්ත ව්‍යවසායයන් බිඳ වැටෙනවා. ඒවාට ක්‍රියාත්මක විය නොහැකි වෙනවා. පැවැතිය නොහැකි වෙනවා. ඔවුන්ගේ ජාත්‍යන්තර ඇණවුම් අහිමි වෙනවා. අවශ්‍ය පොහොර නොලැබීම නිසා තේ, පොල්, රබර් වගාවන් දුර්වල වෙනවා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙනවා. සමස්තයක් ලෙස ගත් කල ජාතික ආදායම හිනා වෙනවා. ව්‍යාපාරිකයන්ට තමන් අපේක්ෂිත ආදායම නොලැබී යන විට ආර්ථිකය කඩා වැටෙනවා. ණය ගෙවීම පැහැර හැරියොත් ක් නිකව බැංකු පද්ධතිය කඩා වැටෙනවා.
මෙහෙම වෙලා සේවා වියුක්තිය සියයට 60 ඉක්මවූ රටවල් තියෙනවා. ප්‍රශ්නය ඒ තත්වයට ගිය විට දිර්ඝකාලින විසඳුම් ගැන කල්පනා කිරීම ඉතාමත් අසීරුයි.
මේ කාරණය පිළිබඳව මහ බැංකුවේ අධිපති වන්ගේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉතා හොදින් දන්නවා. ඒ අය මේක විවෘතව කතා කරන්න ඕන. මා දන්නා තරමින් මේ ප්‍රශ්නයට දේශීය විසඳුමක් නැති බවත් ඔවුන් විසින් පාර්ලිමේන්තුව දැනුවත් කර නැහැ. කහ ගෙන්වීම නතර කිරීම හෝ මෝටර් රථ ගෙන්වීම නතර කිරීම, වගේ දේකින් වන්නේ ජාතික ජංගම ගිණුමේ සමබරතාව පවත්වා ගැනීමට සුළු උදව්වක් ලබාදීම පමණයි.
මා එය දකින්නේ අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මිනිස්සු ගෙවතු වගාව ප්‍රවර්ධනය කරනවා වගේ වැඩක්. ප්‍රශ්නය විසඳනවා කියන්නේත්, ප්‍රශ්නය තුළ ජීවිතේ රැක ගන්නවා කියන්නේත් පැහැදිලිවම දෙකක්. මා නැවතත් කියන්නේ ගෙවුම් ශේෂ අර්බුදයට මේ මොහොතේදී දේශීය යාන්ත්‍රණ වැඩ කරන්නේ නැහැ.
පොළී අනුපාත වැඩි කළත්, ආනයනය සීමා කළත්, මේ ප්‍රශ්නය විසඳීම සඳහා උදව්වක් වන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳුණා කියලා අපිට දැනෙන්නේ රටේ විදේශ විනිමය සංචිත තහවුරු වූ අවස්ථාවක. දේශිය මුදලේ ස්ථායිතාව ඇති වූ විටෙක. මූල්‍ය ස්ථායිතාව ඇති වී තිබෙනවා ද යන්න වටහා ගැනීම සඳහා වන ගොඳ උදාහරණය වන්නේ අමෙරිකානු ඩොලරය සඳහා මහ බැංකුව ඉදිරිපත් කරන වටිනාකම සහ පෞද්ගලික මූල්‍ය වෙළෙඳපොළේ වටිනාකම අතර වෙනස අඩු විමය. ගැප් එක වැඩි නම් මූල්‍ය ස්ථාවරත්වයක් නැති බව පැහැදිලි වෙනවා.
දේශීය භාණ්ඩ හා ස්වා නිෂ්පාදකයන්ට තම ව්‍යවසායයන් තුළින් අපේක්ෂිත ආදායම පිළිබඳ පැහැදිලි විස්වාසයක් ඇති වන්නේ රටේ මූල්‍ය ස්ථාවරත්වය මතයි. අපි රට ගෙන යා යුන්නේ අන්න ඒ තැනට යි.
මුදල් අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශයන්ගෙන් වෙනස් වන්නේ සර්ව ආර්ථික මූලෝපායයන් වෙනස් කිරීම සඳහා ඊට ඇති විශේෂ බලය නිසයි. සර්ව ආර්ථික මූලෝපායයන් සකස් කිරීමේ හා වෙනස් කිරීමේ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයට පමණයි.
No comments:
Post a Comment