Sunday, 1 May 2022

ලෝක කම්කරු දිනය අදයි !

ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

1886 වසරේ මැයි මස 01 වනදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත විය.
දින කිහිපයක් පුරා පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමුවන දින 1889 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින ලෝක කම්කරු දිනය සමරන අතර කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි සහ උත්සව සංවිධාන කිරීම සිදුකරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...