Saturday, 30 April 2022

“අගමැති කරන දෙයින් බැඳපු හැම පිරිත් නූලකින් ම ශාපයක් වේවි” – ඕමල්පේ හිමි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා තැබූ සෑම පියවරක් ම අසාර්ථක බව ත් ඒ සෑම පියවරක් ම සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව ත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 30) පස්වරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති සංඝ සම්මුතියක් සඳහා වූ මහා සංඝ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ජනාධිපතිවරණ වේදිකාවේදි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දු සිහිනයක් වී ඇති බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

"ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොරොන්දු අපට සිහිනයක් බවට පත් කරමින් අද රටක් අනාථ වෙලා තියෙනවා. අපි දැක්කේ කුමක් ද? මේ වසර දෙකක පාලන ක්‍රමය තුළ තමන්ගේ හිතවාදීන් සහ පවුලේ සාමාජිකයින් අතර බලය බෙදා ගෙන රටේ ධනය මංකොල්ල කෑම සඳහා වූ ප්‍රස්ථාව සකස්කරලිම පමණයි.

දැන් ටිකෙන් ටික රටේ ආර්ථික පරිහානිය ඇතිවෙලා තියෙනවා. ආර්ථික පරිහානියට හේතු වුණු වංචාව, දූෂණය... පහුගිය දවස්විල කොරන්නාවරය උවදුර පවා ඔවුන් තමන්ගේ කොමිස් ලාභ සඳහා පුද්ගලික අර්ථ ලාභය සඳහා යොදා ගත්ත හැටි අපි පැහැදිලිව ම දැක්කා.

පොහොර පිළිබඳව සිදු කළ වංචනික තත්වය අද ජාතිය හමුවේ සමාව පත්වෙලා තියෙනවා ගෝඨාභය මැතිතුමා. ඒ එකක් විතරයි. හැම පියවරක් ම අසාර්ථකයි. ගෝට්ඨාසය රාජපක්ෂ මහත්තයා ජනතාව ඉදිරියේ එක කරුණක් නොවෙයි තැබූ සෑම පියවරක් සම්බන්ධයෙන් ම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. සමාව ඉල්ලීමෙන් විතරක් ඒ කාරණය සම්පුර්ණ වෙන්නේ නැහැ."

පසුගිය දා මහා නාහිමිවරුන් ගත් තීරණය නිවැරදි බව ද උන්වහන්සේ එහිදි පැවසූහ.

ජනාධිපතිවරයා තමන්ගේ බලතල පරිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කළ යුතු බව ත් සියලු පක්ෂි වල නියෝජනයෙන් අන්තර්වාර පාලනයක් ඇති කරගත යුතු බව ත් එමගින් අවධාරණය කර තිබුණු බව උන්වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ, ඊට ජනාධිපතිවරයා සවන් නොදුන් බව ත් පසුව නැවත ත් මහ නා හිමිවරු විසින් ලිපියක් ඔහු වෙත යොමු කරනු ලැබූ බව ත් ය.

කෙසේ වෙතත්, ඊට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව උන්වහන්සේ පැවසූහ.

පසුව පසුගිය 27 වන දා තමන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්ස්ලා 6 නමක් අගමැතිවරයා හමු වී මහ නායක හිමිවරුන්ගේ නියෝගය පරිදි ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාට සෘජුව ප්‍රකාශ කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

"අගමැතිතුමා කිව්වා ඔවු ස්වාමීනි, මම් අයින්වෙනවා. හැබැයි, මා මේ තනතුරෙන් ඉල්ලා අස්වුණාට පස්සේ ඇතිවන රික්තය පුරවන්නේ කෙසේ ද? එතකොට මහා සංඝයා වහන්ස්ලා කිව්වා ඒක පුරවන්න පාර්ලිමේන්තුවට බලය දෙන්න, ඔබතුමා අස්වෙන්න. අයින්වුණාට පස්සේ පාර්ලිමේන්තුවෙන් ඒ අඩුව පුරවයි. නැවතත් අගමැතිතුමා කිව්වා, නෑ! එහෙම වෙන්නේ නෑ! මේගොල්ලෝ වාද භේද කර ගන්නවා, කවුරු හෝ නියෝජිහයෙක් ඒකමතිකව පත් කරගන්න. ඊට පස්සේ ඒ මොහොතේ මම ඉල්ලා අස් වෙනවා කියලා."

කෙසේ වෙතත්, ඊට පැය තුනකට පෙර අගමැතිවරයා, කවුරු ප්‍රකාශ කළ ද තමන් ඉල්ලා අස් නොවන බවට ප්‍රකාශ කර තිබුණු බව ත් අගමැතිවරයා එම අභියෝගය කළේ, මහ නායක ස්වාමින්වහන්සේල්ලාට බව ත් උන්වහන්සේ පැවසූහ.

"අගමැතිතුමා ඒ අභියෝගය කළේ මහා නායක මා හිමියන් වහන්සේලාට මිසක් අපට නොවෙයි. අපි මේ සාමාන්‍ය සුළු මුලාදෑන්. මහ නායක හාමුදුරුවෝ මට අවෙන්න කියනවා, මම් අන්වෙන්නේ නැහැ. ඕය එක එකෙන් කියන හැටියට මම අවෙන්නේ නෑ කියලා අගමැතිවරයා කියනකොට, මේ දක්වා බැඳුණු පිරිත් නූල්, ශාපයක් බවට පත්වෙන්නේ නැද්ද?"

උන්වහන්සේ අවධාරණය කළේ, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මහ නා හිමිවරුන් කළ ඉල්ලිමට එකඟ නොවූ බව ය.

මේ වන විට ආණ්ඩුවේ මහ බලවතා බවට පත්ව ඇත්තේ මුදල් අමාත්‍ය අලි මහතා බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදි තවදුරට ත් අදහස් දක්වමින් පැවසූහ.

"අද මුළු ආණ්ඩු වේ ම මහ බලවතා බවට පත් වෙලා තියෙන්නේ, අලි සබ්‍රි. අලි සබ්‍රිට රටේ සියලු ම පාලන බලය සම්බන්ධ වගකීම් දීලා තියෙන්නේ දැන්. මුදල් අමාත්‍යාංශය කියන්නේ සමස්ත රටේ ම මුදල්. හිඟන රටක් උනත් පාත්තරේ තියෙන සත පහ දහය ත් කන්න, වංචා කරන්න පුළුවන් තත්ත්වයට දැන් සකස් කරලා තියෙනවා. ඒත් එක්ක ම අධිකරණ ඇමැතිකමක් දිලා තියෙනවා. අධිකරණ ඇමතිකමින් අවුණු මිනිහා ආයෙත් මොකට ද ඔතනට දාන්නේ?

අපිට තේරෙනවා හේතුව මොකක් ද කියලා. රාජපක්ෂ පවුල මේ දක්වා කරගෙන ආ සියලු වංචා, දූෂණ, හොරකම් වහං කරලා ඔවුන් බේරා ගැනීමේ කොන්ත්‍රාත්තුව තමයි අලි සබ්‍ කරන්නේ. ඒකට වන්දිය මේ ගෙවන්නේ . අද මුළු රට ම අලි සබ්‍රී නමැති පුද්ගලයාගේ හිරකාරයෝ බව ට පත් වෙලා."

උන්වහන්සේ අවධාරණය කළේ, ජනාධිපතිවරයා රටේ වගකීම් ඉටු කළ නොහැකි තත්ත්වයට අසමත් වී ඇති බව ය.

"ධර්මානුකූලව රටේ ජනතාවට ආරක්ෂාව සැපයීම, රටේ ජනතාවගේ ජීවන ක්‍රමය සුරක්ෂිත කිරීම, ජීවත් වීම සුරක්ෂිත කිරීම සඳහා වූ රජයේ වගකීම සමිපූර්ණයෙන් ම දැන් පැහැර හැරිලා තියෙනවා. රජය ෆේල්.

ගෝඨාභය මහත්තයෝ, මහින්ද රාජපක්ෂ මහත්තයෝ ඔබ දීපු සියලු ම පොරොන්දු අද අල පත ජලය සේ් ගිලිහී ගිහිල්ලා. ඔබ ෆේල්. මේ අසමර්ථතාව පිළිගන්න. මේ අසමර්ථතාව පිළිගෙන පූජනීය මහා නායක මාහිමි වහන්සේලෝගේ නියමය පිළිගන්න." මහ නායක ස්වාමින්වහන්සේල්ලා දැනුම් දුන් පරිදි කටයුතු නොකරන්නේ නම්, දිවයිනේ ම මහා සංඝයා වහන්සේල්ලා දැනුවත් කර ඒකාබද්ධ සංඝ සම්මුතියක් මගින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරහිව දැඩි පියවරක් ගන්නා බවට උන්වහනල්ලා දන්වා ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදි අනතුරු ඇඟවූහ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...