වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට සියලු ම දේශපාලනඥයින් කෙරෙහි පුළුල් මහජන අප්‍රසාදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP Sri Lanka Opinion Tracker Survey) සිදු කළ මත විමසුමකදි අනාවරණය වී තිබේ.
එම මත විමසුමේදී ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද ඉතාම පහළ මට්ටමට වැටී ඇති බව තහවුරු වී ඇත.
ඉන් බරපතළ ලෙස බලපෑමට ලක් වී ඇ ත්තේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව අදාළ මත විමසුම සම්බන්ධයෙන් නිකුත් කර වාර්තාව පෙන්වා දී ඇත.
ඒ අනුව, 2021 වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා රට වසා දමා තිබූ කාල සීමාවේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය +50 සිට 2022 අප්‍රේල් මාසයේදි -80 දක්වා පහත වැටී තිබේ.
අදාළ මත විමසුම දේශපාලනඥයින්ගේ සහ තෝරා ගත් ආයතන සම්බන්ධයෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සිදු කර ඇත.
එතැන් සිට 2022 ජනවාරි මාසය දක්වා ජනාධිපතිවරයා ඉහළ ජනප්‍රියක්වක් පවත්වා ගෙන ගොස් තිබේ.
ඊට වෙනස්ව විපක්ෂන්ස නායක සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය බොහෝ විට සෘණාත්මක වී ඇත.
කෙසේ වෙතත්, පසුගිය මාස දෙක තුළ ඒ සියල්ල වෙනස් වී ඇති බව ත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය බරපතළ ලෙස පහත වැටී ඇති බව ඇත අදාළ මත විමසුමේදී අනාවරණය වී තිබේ.
එම වාර්තතාව පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පෙබරවාරි මාසයේදි +20 සිට අප්‍රේල් පළමු සති තුන තුළ -80 දක්වා පහත වැටී ඇති බව ය.
මාර්තු-අප්‍රේල් කාලය තුළ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය (-40) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (-33) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (-26) යන දෙදෙනාට ම වඩා පහත වැටී ඇත.
ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ විශාලතම අඩුවීමක් සිදුව ඇත්තේ දිළිදු, කාන්තාවන්, නාගරික සහ සිංහල වැඩිහිටියන් අතර බව එම මත විමසීමේදී තහවුරු වී තිබේ.
මීට පෙර ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් දැරූ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතාගේ ද ජනප්‍රියත්වය පහත වැටී ඇත.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය ආයතන සහ අනෙකුත් සංවිධානවල ජනප්‍රියත්වය සුළු වශයෙන් පහත වැටී ඇති අතර මහජන අප්‍රසාදය ඉහළ ගොස් ඇත්තේ විශේෂ යෙන් ම දේශපාලනඥයින්ගේ බව පෙන්නුම් කරන බව අදාළ මත විමසුමේදි වැඩිදුරට ත් තහවුරු වී තිබේ.
No comments:
Post a Comment