පසුගිය දා මිරිහාන ප්‍රදේශයේ පැවති විරෝධතා සහ පසු තත්ත්වයන් නිරික්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ සම්බන්ධිකාරක හනා සිංගර් හමිඬි පවසයි.
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර ඇත.
සියලු ම කණ්ඩායම්වලින් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද ඇය සිය ටිවිටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.
We are monitoring developments and are concerned by reports of violence in #SriLanka. Calling for restraint from all groups.
— Hanaa Singer-Hamdy (@SingerHanaa) April 1, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස ආසන්නයේ මාර්තු 31 සවස විරෝධතාවක් පැවැත් විණි.
විරෝධතාකරුවන් ජුබුලි කණුව මංසන්ධියේ සිට මිරිහානේ පිහිටි ඔහුගේ නිවස ආසන්නයට පා ගමනින් පැමිණි තිබුණු අතර ඊට සමගාමිව රථ පෙළපාලියක් ද පැමිණ තිබිණි.
ඔවුහු රථ වාහනවල නලා හඩවමින් විරෝධතාවට එක් විය.
ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එම විරෝධතාව පැවැත් විණි.
සිද්ධියෙන් අනතුරුව පොලිසිය විසින් විරෝධතාකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒ අතරින් 21 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (අප්‍රේල් 1) ඇප මත මුදා හැරිණි.
එමෙන් ම, තව ත් 6 දෙනෙකු මෙම මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය.
No comments:
Post a Comment