සමගි ජන බලවේගයේ මැයි දින රැලිය ඇමතීමේ කථික ලැයිස්තුවේ නම ඇතුළත් නොවිම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාම නිසා සරත් ෆොන්සේකා හා හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරු දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවන තත්වයක් නිර්මාණය වී තිබේ.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ළඟට කැඳවා ලැයිස්තුවේ තමාගේ නම යටින් සඳහන් කර තිබෙන්නේ ඇයි දැයි විමසූ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා යමක් පවසා ඇති අතර එය වෙනස් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා උපදෙස් දුන් බව දැනගන්නට ඇත.
එම ස්ථානයේ ප්‍රදර්ශනය කෙරුණු විඩියෝ පටයක තමන්ගේ මුහුණ ඇතුළත් නොකිරීම ගැන ද සරත් ෆොන්සේල්කා මහතා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ මෙම බහින්බස්වීම සිදුවී තිබේ.
ඒ අවස්ථාවේදි පරුෂ වචනයෙන් බැනවැදි ෆොන්සේකා මහතාට පහර දිමට හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා උත්සහ කර ඇති අතර මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයා මැදිහත්වි හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇත.
මේ අතර, තලතා අතුකෝරල සහ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියන්ට කතා කිරීමට අවස්ථාවක් නොදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රැලිය ඇමතීමට අවස්ථාව ලබා දිම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරියන්ගේ විරෝධය ප්‍රකාශ වී ඇති බව ද දැනගන්නට තිබේ.
An altercation has erupted between Sarath Fonseka and Harin Fernando over the non-inclusion of his name in the list of speakers for the May Day rally of the Samagi Jana Balawegaya. When MP Sarath Fonseka was called to Harin Fernando and asked why his name was mentioned below the list, it was learned that Sajith Premadasa had pointed out something by Sajith Premadasa and instructed Sajith Premadasa to change it. The controversy erupted when Sarath Fonseka asked MP Harin Fernando not to include his face in a video displayed at the venue. At that moment, MP Harin Fernando had tried to assault Mr. Fonseka by shouting insults at him and MP Manusha Nanayakkara had intervened and removed him from the venue. Meanwhile, it is learned that Thalatha Athukorala and Rohini Kaviratne have expressed their opposition to giving Hirunika Premachandra the opportunity to address the rally without giving them an opportunity to speak.
No comments:
Post a Comment