බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ඉන්ධන බෙදා හැරීම පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ තිබේ.
සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව, දුම්රිය මගින් සිදු කෙරෙන ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු පුළුල් කිරීම, මෙතෙක් ලියාපදිංචි නොකළ බවුසර් රථ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට පැය 24 පුරා නිලධාරී මණ්ඩලයක් යෙද වීම, සේවයට වාර්තා නොකරන රථවල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයන්ගේ රථවල බලපත්‍ර අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් එම නව මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් වේ.
එම සම්පූර්ණ මාගෝපදේශ මාලාව පහතින් දැක්වේ.
1. දුම්රිය මගින් දැනට සිදු කරන 40%ක පමණ ප්‍රවාහන කටයුතු තව පුළුල් කිරීම සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය සිදු කිරීම මගින් ඩිපෝ වෙනුවෙන් අවශ්‍ය සියලු ම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම. මෙමගින් විශාල ප්‍රවාහන වියදමක් අඩු කර ගත හැක. මෙය ස්ථිර විසඳුමක් ද වනු ඇත.
2. මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකි වූ නව රථ සඳහා CPSTL ආයතනයේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබා දිම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිලධාරී මණ්ඩලයක් යෙදවීම සහ අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුළ නව බලපත්‍ර ලබා දීම.
3. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බවුසර් රථ වෙනුවෙන් වෙන ම තෙල් බෙදා දිමේ පර්යන් වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රජාව මත ගමන් වාර ලබා දීම.
4. ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයන්ගේ රට වල බලපත්‍ර අහෝසි කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීම.
5. රජය සතු බව්සර් වැඩි වශයෙන් ධාවනය කරවීම සහ පැමිණෙන පෞද්ගලික රථ සඳහා ස්ථිර මිල සූත්‍රයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දිම.
6. අවශ්‍ය ඉන්ධන තොග ප්‍රවාහනයට පැය 24 ම පර්යන්ත ක්‍රියාත්මක කිරීම.
Energy Minister Kanchana Wijesekera has issued a new set of guidelines on fuel distribution. The Minister has stated this in a post on his Twitter account. Accordingly, the expansion of train fuel transportation activities, the deployment of a 24-hour staffing body to issue licenses for unregistered bowsers, the revocation of licenses for non-service vehicles and the revocation of licenses for vehicles blocking oncoming vehicles. A few points are included in that new set of guidelines. The full set of guidelines is below. 1. Expanding about 40% of the existing transport activities by rail and revising the fares required by the Railway Department to transport all the required stocks of fuel by train to the depot. This can greatly reduce the cost of transportation. This will also be a permanent solution. 2. Issuing licenses at CPSTL transport prices for new vehicles that have not yet been registered and issuing new licenses within a week by deploying a 24 hour staff to minimize the issuance of licenses and carrying out the necessary procedures. 3. Allocating separate refueling terminals for bowsers owned by petrol stations and giving them community travel to other petrol stations. 4. Cancel the licenses of vehicles that do not report for duty within the next two days and revoke the licenses of the countries where the vehicles are blocked and take legal action against them. 5. To increase the number of government owned bowsers and to make necessary adjustments to the incoming private vehicles under a fixed price formula and to provide them with the required protection. 6. Operation of terminals 24 hours a day to transport the required fuel stocks.
No comments:
Post a Comment