Tuesday, 2 November 2021


භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක මෙවර අයවැයෙන් ජනතාවට සහන හිමිවනු ඇත්දැයි අද මාධ්යවේදීන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

ප්‍රශ්නය ඇමතිතුමා මංගල අයවැය ගැන වචන කිහිපයක් කියන්න ?

පිළිතුර - ඒක රහසක් නේ.

ප්‍රශ්නය ජනතාවට මොනවා ද ලැබෙන්නේ

පිළිතුර - ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි

 

 

මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයියැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා අද (01) මේ බව ප්‍රකාශ කළේය.

ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.

මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදල වගා කලා අලුත් අයට අලුත් අත් දැකීමක් මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකිමක්. අස්වැන්න අඩු වුනොත් සහතිකයක් දීල තියෙනව අලාභය ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නෑ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා.

කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක මෙතනින් පැහැදිලියි. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහු ජාතික සමාගම් එපා කියල.

දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා.මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා.දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා.මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා.මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්යයි.

හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභින්ට දැනුත් හාල් කොච්චර තිබුනත් රටින් ගෙන්වන්න හදනව. අඩු ආදායම් ලාභින් පිලිබදව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා

 

චමිල් රූපසිංහ


2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 වසර, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී එම දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ.

විභාග කාල සටහන පහතින් දැක්වේ.

*5 වසර ශිෂත්ව විභාගය - 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.

*අධ්යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.

*අධ්යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

 



හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙනා මුදල් රැගෙන පළා ගිය වෑන් රථ රියදුරෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) සවස 04.55ට පමණ පෞද්ගලික ආයතනයක් මඟින් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් මුදල් රැගෙන ගොස් ඇත.

කපල්ල, දියතලාව ප්‍රදේශයේ දී එම වෑන් රථයේ සිටි නිලධාරීන් ATM යන්ත්‍රයකට මුදල් දැමීමට ගිය අවස්ථාවේ දී එහි රියදුරු වෑන් රථයේ තිබූ රුපියල් 17,419,700ක මුදලක් රැගෙන පළාගොස් තිබේ.

පසුව අඹේවෙල - රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ මංසන්ධියේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා කැප්පෙටිපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Monday, 1 November 2021

ජපානයේ, ටෝකියෝ නුවර දුම්රියක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බැට්මෑන් චිත්‍ර කතාවල ඇතුළත් ජෝකර් චරිතයට සමාන ඇඳුමකින් සැරසුණු වයස අවුරුදු 24ක පුද්ගලයෙකු මෙම පිහි ඇනුම සිදු කර ඇති බව ය.

ඊයේ (ඔක්. 31) රාත්‍රී 8.00ට පමණ මෙම පිහි ඇනුම සිදුවී ඇති අතර ටෝකියෝ නගරයේ පැවැත්වෙන හැලොවීන් සාද සඳහා ගමන් කරමින් මගින් පිරිසක් මෙම පිහි ඇනුමෙන් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයට මුහුණ දුන් පිරිස් සඳහන් කර ඇත්තේ, ප්‍රහාරකයා දුම්රිය මැදිරිය තුළට කිසියම් දියරයක් මුදාහැර ගින්නක් ඇති කළ බව ය.

දුමින් වැසී ගිය දුම්රිය මැදිරිවල කවුළුවලින් මගීන් පිටතට පැනීමට උත්සාහ දරන අයුරු එම සිදුවීම ඇතුළත් විඩියෝ දර්ශනවල සටහන්වී තිබේ.

"මම හිතුවේ හැලොවීන් ස්ටන්ට් එකක් කියලා," සිද්ධිය ඇසින් දුටුවෙක් ජපාන පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇති අතර ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇ ත්තේ , දිගු පිහියක් අතැතිව පුද්ගලයෙකු ඒ දෙසට පැමිණ ඇති බව ය.

අදාළ පුද්ගලයා එම ස්ථානයේදී ම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ටෝකියෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රහාරයෙන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ය.

තමන්ට මරණ දණ්ඩනය නියම කර ගැනීම සඳහා මිනිසුන් ඝාතනය කිරීමට අවශ්‍ය වූ බව සැකකරු බලධාරීන්ට ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් ජපානයෙන් අඩු වශයෙන් වාර්ත වුව ද පසුගිය වසර කිහිපය තුළ මෙවැනි සිදුවීම් ගණනාවක් ම වාර්තා වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 


වසර 6කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් අද (නොවැ. 1) සිට යළිත් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සඳහන් කළේ, ඒ අනුව මගීන් 200 දෙනෙකු රැගත් පළමු ගුවන් යානය පැරීසියේ Charles de Gaule ගුවන්තොටුපළ සිට මෙරටට පැමිණ ඇති බව ය.

අද අලුයම එම ගුවන්යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

 

SriLankan Airlines 12 hours ago

Resuming direct flights between France & Sri Lanka after six years, SriLankan Airlines flight from Charles de Gaulle Airport arrived at BIA with 200 passengers this morning. #SriLankan Airlines #1Fly SriLankan #FlySafe #TravelSriLanka

 

 


නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති ටොංගා රජ්‍යයෙන් ප්‍රථම වරට කොරෝනා ආසදිතයෙකු හඳුනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් එරට වැසියන් කොවිඩ් මර්දන එන්නකරණය සඳහා යුහුසුළුව යොමු වී ඇති බවය.

නවසීලන්තයේ සිට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් යානයකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

අදාළ පුද්ගලයා පූර්ණ එන්නත්කරණයට ලක්වූවෙකු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍යගාහි අග්‍රාමාත්‍යවරයා එරට ප්‍රධාන දූපත වන Tongatapu' වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, එළෙඹෙන සතියේ අගුළු දැමීමක් සිදු විය හැකි බව ය.

ටොංගා රාජ්‍යය කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා නොවුණු අවසන් රටවල් අතරින් එකකි.

නවසීලන්තයට ඊසාන දෙසින් පිහිටි මෙම දූපත් රාජ්‍යයේ 100,000කට අධික පිරිසක් ජීවත් වෙති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටොංගා රාජ්‍යයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බව ය.

 


Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...