Wednesday, 3 November 2021

 


යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීමට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් හෙටින් පසුව දින නියම කර තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (නොවැ: 3) කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව අතරතුර මේ බව සඳහන් කළේ ය.

"මේ අමෙරිකානු ගිවිසුම අවලංගු කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව පීඩාවට පත්කරන්නේ නැතිව. මේ ක්‍රියාමාර්ගය ජනග්‍රහණයකින් තමයි අවසන් වෙන්නේ. ගන්න වැඩවර්ජන තීන්දුවට හෙට දවස තුළ අපි දින නියම කරලා ප්‍රකාශයට පත්කරනවා"

යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දිමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල්, වරාය සහ විදුලිබල මණ්ඩල සේකයින් සංවිධානය කළ උඝෝෂණ අද කොළඹ ස්ථාන 4 කදී පැවැත්විණි.

මේ අතර, යුගදනවි ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ යුගදනවි ඇත්ත කතාව යන තේමාව යටතේ අද (නොවැ: 3) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු එහිදී සඳහන් කළේ, ආණ්ඩුව "දැවෙන ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත අමෙරිකාව සමග ගිවිසුමට එළැඹි බව ය.

"ඒ ගිවිසුම සකස් කළේ සියලු ම පාර්ශවයන්ගේ එකඟතාව ඇති කරගෙන අවසානයේ හැම වචනයක් වචනයක් පාසා ම නීතිපති විසින් බලලා නිස්කාෂණය විමෙන් අනතුරුවයි. හැබැයි මේක තවමත් ඉදිරිපත් කරන්න බැරි වුණා, විදුලිබල මණ්ඩලයටවත් ආවේ නැහැ. මොක ද මේකේ තියෙනවා කොන්දේසියක් disclose කරන්න පාර්ශවයන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ. ඒක සම්බන්ධයෙන් දැනට භාණ්ඩාගාරයේ මා දන්නා තරමට භාණ්ඩාගාරයෙන් නීතිපතින්ගේ අදහස් විමසලා තියෙනවා මේක ඉදිරිපත් කිරීම තුළින් රජයට යම් අවහිරතාවක් වුනාද කියන එක.

මේවා වාණිජ ගනුදෙනු. මේ වාණිජ ගනුදෙනු අනවශ්‍ය පුද්ගලයින් අතට ගියා ම, ඒ වාණිජ ක්‍රියාවලියේ තියෙන මූල්‍ය විචල්‍යතාව පිළිබඳ ලොකු ලොකු අර්බුද ඇවිල්ලා ඒවා arbitration බේරුම් කරන එක විශාල වන්දි ගෙවීම්වලට තුඩු දෙන හේතු වෙනවා. අමාත්‍ය මණ්ඩලය මේකට අනුමැතිය දුන්නේ රාමුව අනුමත කරලා, සිද්ධාන්ත අනුමත කරලා විස්තරාත්මකව ඒක අත්සන් කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා ඒ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අරගෙන, මම හිතන්නේ අපේ ඇමැතිතුමාගේ ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා කියලා මේවා හංගන්න තියෙන කරුණු නෙමෙයි

මේ වෙනකොට විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු ටෙන්ඩර් දෙකක් අසාර්ථක වුණා. අත්පිට මුදලට ගෙවන්න සල්ලි නෑ. ණයවර ලිපි විවෘත කරන ඩොලර් නෑ ඒ අර්බුදය තියෙනවා. තෙල් මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය හින්දා ඛණිජ තෙල් සංස්ථාවන් දැන් බිම වැටෙන තත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තියෙන්නේ, අසාමාන්‍ය තත්වයක්. ඉතින් ඒ හින්දා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග ඇරලා හරි මේ ගියේ මොක ද දැවෙන ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණ දෙනවා මොකද විදුලිබල මණ්ඩලය කඩාගෙන වැටුනොන් එහෙම විදුලිය කවුරුවත් කපන්න ඕනේ නෑ, නිකම්ම කැපෙනවා. "

 

තාරක සම්මාන්

 


 


සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

සීනි ආනයනයකරුවන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ සාකච්ඡාවේදී සීනි ආනයනයකරුවන් පෙන්වා දී ඇත්තේ, වෙළෙඳ පොළේ සිනි අලෙවි කෙරෙන මිලත් ඩොලර් අර්බුදයත් හේතුවෙන් සිනි ආනයනය කිරීමේදී ඔවුන් දැඩි අපහසුතාවකට පත්වී ඇති බව ය.

ඒ අනුව, ඔවුන් ඉල්ලා ඇත්තේ සිනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස ය.

ආරංචි මාර්ග සඳහන් කළේ, ඊට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය එකඟතාව පළ කර ඇති බව ය.

සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත් පැකට් කළ සුදු සිනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැප්තැම්බර් 2 වන දා ගැසට් පත්‍රයක් නිකුත් කළේ ය.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙස දැක්විණි.

මේ අතර, වෙළෙඳපොළේ සීනි හිඟයක් මතුවී ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

 

තමීනා රාසික්


 


කොවිඩ්-19 වසංගතය හමුවේ තවදුරටත් දෛනික කොරෝනා රෝගීන් වාර්තා විම සාපේක්ෂව ඉහළ අගයක ගනිමින් පවතිද්දි පවා රට තුළ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීම අවම අගයක් ගැනීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ  ප්‍රධානී විශේෂ ඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැහැදිලි කිරීමක් කළේය.

ඔහු සඳහන් කළේ, මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වි සිට සුවපත්ව මාස 6ක් පමණ ගතවූ පුද්ගලයින් යළිත් වරක් පී.සී.ආර්. පරික්ෂණයන්ට ලක් කළ ද ඔවුන් ආසාදිතයින් බවට පර්යේෂණ ප්‍රතිඵලය ලැබෙන බවත් එබැවින් අලුතෙන්ම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් නිවැරදිව හඳුනා ගැනීමට ඉන් බාධාවක් ඇති වන බවත් ය.

කෙසේ නමුත් යම් හෙයකින් කොරෝනාවෛරසය ආසාදිතව සිට සුවපත් වූවෙකු යළි පි.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ආසාදිත බව හෙළි වුව ද එවැනෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය පැතිරීමේ කිසිදු අවදානමක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

"ඉස්සර තිබුණු නිමිත්තයි දැන් තියෙන එකෙයි වෙනසක් තියනවා ඒ කියන්නේ අවශ්‍යතා අනුවයි ටෙස්ට් කරන්නේ. ඉස්සර 30,000ක් කරපු වගේ දැන් කරන්නේ 6000යි. ඔව්. ඒකට හේතුවක් තියෙනව. පී.සී.ආර් පරික්ෂණ කියන එකේ තියෙන දේ තමයි යම්කිසි පුද්ගලයෙක් පොසිටිව් පුද්ගලයෙකු වුණොත් මාස 4ක් 6ක් යනකන් ම ඒ පුද්ගලයාගේ පී.සී.ආර්. පරීක්ෂණයක් කළොත් ඒ පුද්ගලයා ධන පුද්ගලයෙක් හැටියට තමයි ප්‍රතිඵලය එන්නේ . ඒ පුද්ගලයන්ගෙන් හැබැයි සමාජයට කිසිදු හානියක් නෑ රෝගය පැතිරෙන. ඒ නිසා සාකච්ඡා කරලා පර්යේෂණ ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙනවා

සමාජයේ ඉස්සර කරපු විදියට මේ හැමෝට ම ජී සී ආර්. පරීක්ෂණ කළොත් සැලකිය යුතු ප්‍රතිශතයක් ධන වෙයි. ඒකෙන් අදහස් වන්නේ නෑ ඔවුන් ආශ්‍රිතයින් කියලා හෝ දැනට රෝගය පතුරවන්න හැකියාව තියන අය නොවේ. ඒ හින්දා මෙවැනි තත්ත්වයකින් පස්සේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රජාවේ රෝගීන් හොයා ගන්න තියෙන හැකියාව අඩු වෙලා තියෙනවා"

එබැවින් සැබෑ නව රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමකට ලක් කර ඇති බව ඔහු පැවසිය.

එම ප්‍රතිපත්තියට අනුව කොරෝනා රෝග ලක්සණ සහිත පුද්ගලයින් හැකි සැණින් රෝහල්ගත වි හෝ ආසන්න ම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් රැපිඩ් ඇන්ටිජන්ට් පරිඝණවලට ලක් විය යුතු අතර ඉන් ධනාත්මක බවට හෙළි වන රෝගීන් නව වෛරස ආසාදිතයින්බවට හඳුනා ගන්නා බවත් ඔහු පැවසීය.

යම්කිසි හෙයකින් රෝග ලක්ෂණ ද සහිතව එලෙස සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයකින් සෘණාත්මක බවට යම් රෝගියෙකුගේ පරික්ෂණ වාර්තා මගින් හෙළි වුවහොත් එවැනි රෝගින් ඒ අනුව පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.

"දැනට කරන දේ තමයි රෝග ලක්ෂණ තියෙන හැම දෙනාට ම රෝහලට යන්න නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල දෙනිකව තියෙනවා රැපිඩ්ඩි ඇන්ටිජන් කරන්න.

රෝග ලක්ෂණ එක පොසිටිව් වුණා කියන්නේ, පොසිටිව් කියන එක අපි දන්නවා බැරි වෙලා හරි රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නෙගටිව් වුණොත් ජී සී ආර් පරීක්ෂණයකට ලක් කරනවා අපි. ඒකයි පරීක්ෂණ ප්‍රතිපත්ති වෙනස් වෙලා තියෙන්නේ


කාංචනා විජයබණ්ඩාර



පැවති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාගෝපදේශ නිසි පරිදි ආරක්ෂා නොකිරීම හා අනවශ්‍ය ජන ඒකරාශීවීම් හේතුවෙන් 'කොවිචඩ් අනුපොකුරු ඇති වීම වැළැක්විය නොහැකි බව' වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂ ද වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

අද (නොවැ.03) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ජනතාව මෙලෙස සෞඛ්‍ය පුරුදු මගහැර වගකීම් විරහිතව හැසිරිම හේතුවෙන් විශාල අනුපොකුරක් ඇති වුවහොත් එය පාලනය කිරිමට මාස 3, 4ට වඩා කලක් ගත වන බවත් එසේ වුව හොත් නිසැකව ම සති දෙකකින් මරණ සංඛ්‍යාව ද යළි ඉහළ යා හැකි බවත් ය.

"රෝගීන් වැඩිම වුණොත් අනිවාර්යෙන් ම සති දෙකකින් මරණ සංඛ්‍යාව වැඩි වෙනවා ඒ කරණය හැමදේම කරලා තිබුණත්. මේ තත්වය පවත්වාගෙන යන්න හැමෝට ම වගකීමක් තියෙනවා අපි දකිනවා දැන් මේ වන විට සමාජයේ වගකීම් විරහිතව හැසිරෙන විදියක්. අනිවාර්යයෙන් ම පළාත් සීමා අයින් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට තත්වයන් පවත්වාගෙන යනෙන නමුත් ඒක අවශ්‍යතාවන්ට විතරක් ඒක පාවිච්චි කරන්න.

සමහරු මාස්ක් එක නැතිව නැත්නම් ඒක හරියට පිළදින්නේ නැතිව ඉන්න එක. එහෙම ආවොත් අනුපොකුරු ඇති වෙන එක වළක්වන්න බෑ. වසංගතයක ස්වභාවය යම් ප්‍රමාණයකට ප්‍රචලිත වුණොත් ඒක පාලනය කර දුෂ්කරයි. යම් කිසි විශාල පොකුරක් ආවොත් යම් සාධනීය තත්ත්වයකට ගේන්න මාස තුන හතරකට වැඩි කාලයක් අනිවාර්යයෙන් යනවා. ඒ නිසා එදාට දුවෙලා වැඩක් නෑ. මාස්ක් එක හරියට පළඳින්න. අත සෝදන්න. අනවශ්‍ය පරිදි ජනතාව හමුවන තැන්වලට යන්න එපා. ඒක හරි ම වැදගත්. හුඟක් වෙලාවට අනු පොකුරු ඇතිවන්නේ අනවශ්‍ය විදියට ජනතාව ගැවසෙන තැන්වලට යාම තුළින්. දැනටමත් යම් යම් ප්‍රදේශවල අනුපොකුරු කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පරිබාහිරව සංවිධානය කරපු මගුල් ගෙවල්, මළ ගෙවල් හරහා කිහිපයක් වාර්තා වෙලා තියෙනවා ඒ තත්වය එච්චර හිතකර නෑ

තව ද මේ වන විට මතුව ඇති තත්වය අනුව එක් ආසාදිතයෙකු හමු වූ අවස්ථාවක ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගොස්  ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ මින් පෙර පැවති තත්වයට මාරු වන අවස්ථාවකට අප පැමිණ ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

"රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වුණා ම ඒ වගේ අවස්ථාවක අපිට එකෙන් එකෙන් පස්සේ පුද්ගලිකව සොයා බැලීම් කරන්න අපහසුතාවක් තිබ්බා නමුත් දැන් මේ තත්වය යටතේ අපි අයේ උත්සාහ කරන්නේ අර මුල තත්වයට ම යන්න. යම් කිසි රෝගියෙක් ආවොත් ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගිහිල්ලා, ඔවුන් සියල්ල ම නිරෝධායනය කරන්න. දැන් අපි ඉන්නේ ඒ තත්තවයට මාරු වෙන අවස්ථාවක. ඒක උපරීමයෙන් කරන්න වෙනවා මේ තත්ත්වය පාලනය කර ගන්න.

 

කාංචනා විජයබණ්ඩාර

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරයි

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ  විනිමය ගලා ඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවයන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.

මෙම පසුබිම තුළ, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021.11.03 දින සිට බලපැවැත්වෙන පරිදි නව දෙපාර්තමේන්තුවක් විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවනමින් ස්ථාපිත කරන ලදි. මෙම දෙපාර්තමේන්තුවට අදාළ ඇමතුම් විස්තර පහත පරිදි වේ.

විදේශීය ප්රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01

දුරකථනය: +94 11 247 7101 සහ +94 11 2 477 000

ෆැක්ස්: +94 11 247 7710

විද්යුත් ලිපිනය: frfd@cbsl.lk

 


Tuesday, 2 November 2021


 

විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.


ඇතැමුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෝලීම් ගැසී සිටි බවත් තමන්ගේ වාරය එළැබීමට ආසන්න වශයෙන් පැය 05 ක පමණ කාලයක් ගතවන බවත් ඔවුන් පැවසීය.


ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සුකවීම විශේෂත්වයකි.


සුහුරුපාය ගොඩනැගිල්ලේම අනෙක්පස පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත නිකුත්කිරීමේ එක්දින සේවයටද මීට නොදෙවෙනි තරමේ ජනතාවක් පැමිණ සිටින අයුරු ද දැකගතහැකි විය.


ඡායාරූප රොමේෂ් ධනුෂ්ක 



 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ දියණිය සහ ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා දූෂණය කරන බවට ඉන්ටනෙට් හරහා තර්ජනයක් එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා ලෙසට කාන්තාවන් සඳහා වන දිල්ලි කොමිසම, දිල්ලි පොලිසියට දැනුම් දී ඇත.

එම කොමිසම දන්වා ඇත්තේ , නොවැම්බර් මාසය අවසන් වීමට පෙර තමන් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙසයි

එම කොමිසමේ සභාපති ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , මාස නවයක් වයසැති  දැරියට තර්ජනය කර ඇති ආකාරය ඉතාමත් පිළිකුල් සහගත බවයි.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දහස් වාරයක් ඉන්දියානුවන්ට අභිමානය රැගෙන විත් ඇති අතර පරාජයේදි මෙලෙස අමනෝඥ වන්නේ ඇයි දැයි ඇය ප්‍රශ්න කර තිබේ.

විරාත් කෝලිගේ දියණියට එරෙහිව සමාජ මාධ්‍ය තුළ වෛරිසහගත අදහස් පළවන්නට පටන් ගත්තේ, ඩුබායිහි පැවති ලෝක පන්දුවාර 20 කුසලාන තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමග ය.

පසුව ඉන්දීය කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම හමුවේ ද පරාජයට පත් විය.

 

තරක සම්මාන්

 

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...