යුරෝපය යළිත් කොවිඩ්-19 වසංගතයේ ප්‍රධාන කේන්ද්‍රයක්" බවට පත්වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එම මහාද්වීපය තුළ නැවතත් වාර්තා වන ඉහළ රෝගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපිය ප්‍රධානී ප්‍රකාශ කළේ, එළඹෙන වසරේ පෙබරවාරි මාසය වන විට යුරෝපා මහාද්වීපයෙන් තවත් කොවිඩ් මරණ ලක්ෂය 5 පමණ වාර්තා වනු ඇති බව ය.
එන්නත් ප්‍රමාණවත් නොවීම මෙලෙස වසංගතය නැවතත් ඉහළ යාමට හේතු වනු ඇතැයි ඔහු චෝදනා කළේ ය.
ඔහු අවධාරණය කළේ, කොවිඩ්-19
වසංගතය උග්‍ර අවස්ථාවල ප්‍රතිචාර දැක්වීමේදී මෙන්ම, මුල් අවස්ථාවේදි එය
වැළැක්වීම සඳහා වන උපක්‍රම වෙනස් කළ යුතු බව ය.
කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා තිබුණු සෞඛ්‍ය මාගෝපදේශ ලිහිල් කිරීම ද මීට හේතු වී ඇතැයි ඔහු
චෝදනා කළේ ය.
යුරෝපීය කලාපයෙන් කොවිඩ් මරණ මිලියන 1.4ක්
වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගත
වුණු මාස කිහිපය තුළ යුරෝපා මහාද්වීපයේ එන්නත්කරණය මන්දගාමී වී ඇති බව ය.
තරක සම්මාන්
No comments:
Post a Comment