ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිදයාලය සහ
ඇමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට අමාත්‍ය
මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම විශ්වවිද්‍යාල දෙක අතර අදාළ ගිවිසුමට එළඹීමට නියමිතව ඇත්තේ, බැක්ටීරියාරියාවක් හේතුවෙන් බෝවන මෙලියොයිඩෝසිස් නම් රෝගය මෙරට තුළ පවතී දැයි හඳුනා ගැනීම, ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ එය පාලනය කිරිමට හැකි වන පරිදි පර්යේෂණ සහයෝගීතාවක් ඇති කර ගැනීම අරමුණු කරගෙන ය.
යෝජිත පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශවය අතර අනුපිරිනැමිම් ගිවිසුමකට සහ ද්‍රව්‍ය හුවමාරු
කර ගැනීමේ ගිවිසුමකට එළඹිම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ
යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment