Sunday, 7 November 2021


දකුණු කොරියාව, ජපානය සහ ඊශ්රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගසාකෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ රටවල්වල රැකියා සඳහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්රියාත්මක කරන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයාදෙන බව පවසා, වංචනික පිරිසක් විසින් එළෙස මුදල් ගසාකෑමේ ජාවාරමක් සිදුකරන බව එම කාර්යාංශය පවසයි.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් හා පුහුණු කිරිම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්රමවේදයක් යටතේ සිදුකරන බවය.
ජපානයේ රැකියා සඳහා ද දෙරට අතර ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්ය බඳවාගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් සිදු කෙරෙන බව ද දැනුම්දෙයි.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,
ඊශ්රායල් රැකියා බඳවා ගැනීම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරයි. මෙයට අමතරව ඊශ්රායල් රැකියා බඳවා ගැනීම බලපත්රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරයි.
අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ.
මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්ය අමාත්යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැත.
සමාජ මාධ්ය හා විවිධ ක්රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු සිදු කරයි.
එබැවින්, මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් විදේශ රැකියා ප්රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්ය අමාත්යවරයා සහ කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
තොරතුරු මධ්යස්ථානය 1989
විශේෂ විමර්ශන අංශය 011 2864142 හෝ 011 2864118

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...