ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ (OED) ශබ්දකෝෂ සංස්කාරකවරුන් විසින් වසරේ වචනය ලෙස “Vax” තෝරාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්ත කරන්නේ, කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 වසරේ එන්නත් (vaccines) හා සම්බන්ධ වචන වන double-vaxxed, unvaxxed සහ anti-vaxxer යන වචන භාවිතය ඉහළ ගොස් ඇති බව ය.
'Vax වචනය "වඩාත් කැපී පෙනෙන බලපෑමක්" ඇති කර ඇති බැවින් එය පැහැදිලි තේරිමක් බව ඔක්සිෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ෆියෝනා මැක්ෆර්සන් පවසයි.
ඇය සඳහන් කරන්නේ, 'vax වචනයේ ඉතිහාසය අවම වශයෙන් 1980 දක්වා දිව ගිය ද 2021වසර දක්වා එම වචනය භාවිත කර ඇත්තේ කලාතුරකින් බව ය.
'Vax' සහ 'vaxx' වචන ද්විත්වයේම අක්ෂර වින්‍යාසය නිවැරදි වුව ද වඩාත් ප්‍රචලිත තනි 'x' අකුරක් ඇති වචනය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
No comments:
Post a Comment