Thursday, 17 February 2022


දිවයින පුරා රෝහල් තුළ ස්ථාපිත කර ඇති කොවිඞ් පරතිකාර මධ්යස්ථාන තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්යාව 106 දක්වා ඉහළ නැග ඇතැයි සෞඛ්ය අමාත්යාංශයේ වෛi තාක්ෂණික සේවා අංශයේ අධ්යක්ෂ වෛi අන්වර් හම්දානි මහතා ඊයේ (16දා) පැවසීය.

එසේම කොවිඞ් රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඇඳන් 70න් 64කම කොවිඞ් රෝගීන් පරතිකාර ලබන බව ද ඒ මහතා කියා සිටියේය.
ගත වූ සතිය තුළ ආසාදිත රෝගීන්ගේ වාර්තාවීම සියයට 20කින් ඉහළ නැග ඇති අතර කොවිඞ් මරණ වාර්තාවීම ද සියයට 17කින් ඉහළ නැග ඇතැයි ඒ මහතා සඳහන් කළේය. තවදුරටත් කතා කළ වෛi අන්වර් හම්දානි මහතා මෙසේද කීය.
‘මේ වෙද්දී කොවිඞ් එන්නත් පළමු මාතරාව සියයට 95කට ලබා දී තියෙනවා. දෙවැනි මාතරාව සියයට 80කට ලබා දී තියෙනවා. බූස්ටර් එන්නත් මාතරාව මේ වෙනකොට සියයට 45කට විතර ලබාදීලා. බූස්ටර් එන්නත රටේ ජනගහනයෙන් සියයට 80කට වැඩි පිරිසකට දෙන්න පුළුවන් නම් මේ රෝගී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. දැනටමත් මේ එන්නත් මාතරා තුනම ලබාගත් රටවල් කීපයක්ම සම්පූර්ණයෙන්ම විවෘත කරලයි තියෙන්නේ. ජනතාව මුව ආවරණ නිසි ලෙස පැළඳීම, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම, දෑත් සබන් යොදා පිරිසිදු කර ගැනීම වගේම මේ එන්නත් මාතරා තුනම ලබාගැනීම යන කාරණා අනුගමනය කළොත් මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.

රදීප් පරසන්න සමරකෝන්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...