එළ ගවයන් 21 දෙනකු මරා මස්කර ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු සහ සහයකයෙකු හොරොව්පොතාන විලේ වැව් බැම්ම අසලදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
ස්ථානීය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවර සහ වැල්ලවත්ත යන ප්රදේශවල පදිංචි අවුරුදු හතලිස් හය සහ හතලිස්තුන යන වයස් සීමාවල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
හොරොව්පොතාන තිබිරිඅත්තෑවල ප්රදේශයේ කැලෑවක දී මෙම ගවයන් මරා මස්කර දෙමටගොඩ ප්රදේශයට ප්රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පවසන පොලිසිය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද කියයි.
අත්අඩංගුවට ගත් මස් වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට වැඩි බව වැටලීම සිදුකළ නිලධාරීහූ පැවසූහ.
සැකකරුවන් අද(17) කැබිතිගොල්ලෑව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්රජිත් දායානන්ද, දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ, යන මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන් (59525) නිමල් සිරිසේන, (50749) ධර්මසිරි, කොස්තාපල් (67843) වික්රමසිංහ යන නිලධාරීන් වැටලීම සිදු කළහ.
පැතුම් දර්ශන
No comments:
Post a Comment