Thursday, 17 February 2022


මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට මැදි වී සිටින බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්, මූල්‍ය ජාවාරම්කරුවෙකු වන සුකේශ් චන්ද්‍රසේකර්ට හඳුන්වා දුන් අතරමැදියා ඇප මත මුදා හැර තිබේ.

නවදිල්ලි නුවර අධිකරණයක් විසින් මෙලෙස ඇප මත මුදා හරිනු ලැබ ඇත්තේ, පින්කි ඉරානි නමැත්තෙකි.

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය දෙසැම්බර් 9 වන දා ය.

විත්තිකාරිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් වැඩිහිටි කාන්තාවක් වන බැවින් විමර්ශන අවසන් කර සාක්ෂි ලබා ගැනීමෙන් පසු ඇය ගේ සාක්ෂිවලට හානි කිරිමේ හැකියාවක් නොමැති බැවින් අදාළ සැකකරු ඇප මත මුදා හරින බව අධිකරණය තීරණය කර තිබේ.

සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ වූ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් මීට පෙර ජැක්ලින් ෆනෑන්ඩ ගෙන් සහ තව ත් නිළියක වන නෝරා ඌවේහිගෙන් ද ප්‍රශ්න කෙරිණි.

ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆනෑන්ඩස්ට ඉන්දියාවෙන් පිටවීම තාවකාලිකව තහනම් කර තිබේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...