Thursday, 17 February 2022


ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර්හි විවාහ මංගල්‍යයකට සහභාගි වී සිටි පුද්ගලයින් 13 දෙනෙකු ළිඳකට වැටී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, මිය ගොස් ඇති පිරිස අතර කාන්තාවන් 7 දෙනෙකු සහ දැරියන් 6 දෙනෙකු වන අතර ඒ අතර අවුරුද්දක් වයසැති කුඩා බිළිඳියක ද සිට ඇති බව ය.

විවාහ උත්සවයට පැමිණ සිටි මෙම පිරිස එම ළිඳෙහි ආවරණය මත වාඩි වී සිට ඇති අතර ඔවුන්ගේ ශරීර බර හේතුවෙන් එම ආවරණය කැඩි සියලු දෙනා ළිඳට පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඊයේ (පෙබ. 16) රාත්‍රී 8.30ට පමණ මෙම පිරිස අනතුරට පත්ව ඇත.

ළිඳට වැටුණු පිරිස රෝහල වෙත ගෙන ගිය ද ඔවුන් මියගොස් ඇති අතර තව ත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිට ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ අතර, අනතුරින් මිය ගිය සෑම පුද්ගලයෙකු වෙනුවෙන් ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් පිරිනමන බව එම ප්‍රදේශයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇත.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...