Thursday, 17 February 2022


කොච්චිකඩේ පොලිස් වසමේ ඔබ්බේරිය, කොච්චිකඩේ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු අතුරුදහන් වි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

පොලිසිය සඳහන් කළේ, පසුගිය ජනවාරි 22 දා සවස නිවස ආසන්නයේ ඇති පල්ලියක මංගල්‍යයට සහභාගී වීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති මෙම දරුවා නැවත නිවසට නොපැමිණ ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව ය.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති පොලිසිය පවසන්නේ, මෙරින් ස්ටෙෆාන් නමැති 14 හැවිරිදි මෙම දරුවා අඩි 5ක් පමණ උසැති අයෙකු බව ය.

කොණ්ඩය කොටට කපා පැත්තට පීරා සිට ඇති ඔහු අවසන් වරට අත් කොට කමිසයක් සහ නිල් පැහැති ඩෙනිම් දිග කලිසමක් ඇඳ සිට ඇති අතර කළු පැහැති සපත්තු යුගලක් පැළඳ සිට ඇති බව පොලිසිය පැවසිය.

අතුරුදහන් වූ මෙම දරුවා සුළු මානසික රෝගී තත්වයකින් පෙළෙන බව ඔහුගේ මව ප්‍රකාශ කළ බව ද පොලිසිය සඳහන් කළේ ය.

මෙම දරුවා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.

පොලිස් ස්ථානාධිපහි - කොච්චිකඩේ - 071-8591631

පොලිස් ස්ථානය - කොච්චිකඩේ - 031-2277222, 037-2276338


 කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...