Thursday, 17 February 2022


ඇලපාත පොලිස් වසමේ කරංගොඩ සිද්ධාරෝදය පිරිවෙනෙහි පිහිටි හිටි පිළිමයේ තැන්පත් කර තිබූ රන් පවුම් 5 1/2ක් බරැති රුපියල් ලක්ෂි 6ක් පමණ වටිනා ඌර්ණ ධාතුව සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ , පසුගිය ජනවාරි මස සිට පෙබරවාරි මස 16 වන දා තෙක් කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව ය.

පසුගිය නොවැම්බර් මාසයේදී මෙම පිළිමය අලුත්වැඩියා කිරීම සඳහා පලංචි බැඳ තිබූ අතර අධික වර්ෂඝාවා ඔහේතුවෙන් තීන්ත ආලේප කටයුතු නවතා දමා තිබි ඇත.

යළි පෙබරවාරි 15 වන දා මෙම පිළිමයේ තීන්ත ආලේප කිරීමේ කටයුතු ආරම්භ කිරීමට යාමේදී තීන්ත ආලේප කිරීමට පැමිණි පුද්ගලයෙකු පිළිමයේ නළලෙහි සවිකර තිබූ ඌර්ණ ධාතුව නොමැති බව දැක එය පිරිවෙනෙහි හිමිනමකට පවසා ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, මෙම සොරකම සිදු කරනු ලැබ ඇත්තේ කවුරුන් විසින් ද යන්න මෙතෙක් ආනාවරණය වී නොමැති අතර මේ වන විට විහාරස්ථානයට ආරක්ෂාව සලසා ඇති බව ය.

ඇලපාත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, පල්ලම පොලිස් වසමේ නන්දිමිත්‍ර නව වංගු රජමහා විහාරයට ඇතුළු වී රුපියල් දෙලක්ෂය පනස් දහසක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, 22 හැවිරිදි තරුණයෙකු සහ 40 හැවිරිදි තැනැත්තියක මෙලෙස ඊයේ (ප්පෙබ. 16) දින අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මෙම සැකකරුවන් විසින් සොරා ගන්නා ලද මුදලින් රු. 40,900 ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

පොලිසිය සඳහන් කළේ, මෙම සැකකරු හා සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී රස්නායකපුර, මහකුඹුක්කඩවල හා කොබෙයිගනේ යන පොලිස් වසම්වල විහාරස්ථානවල ද මුදල් හා දේපළ සොරා ගැනීම් ගණනාවක් කර ඇති බව ට තොරතුරු අනාවරණය වී ඇති බව ය.

මෙම සැකකරු සහ සැකකාරිය අද (පෙබ. 17) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...