Monday, 14 February 2022


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (15) පැවැත් වේ.


ඔස්ට්‍රේලියාවේ කැන්බරා ක්‍රීඩාංගනයේදී අද පස්වරු 1.40ට පමණ තරගය ආරම්භ වීමට නියමිතය. 


අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.


මේ අතර දෙවන තරගයේ පන්දු රැකීමට යාමේ දී හිසෙහි කම්පන තත්ත්වයක් ඇති වු ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් මෙම තරගය ඇතුළු ඉදිරි තරග සඳහා සහභාගි නොවන බව සඳහන් වේ.


තරග පහකින් සමන්විත තරගාවලියේ තරග දෙකට - බින්දුවක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් පසුවේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...