ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ඉන්ටනෙට් සේවා සපයනු ලබන ජාත්‍යන්තර සබ්මැරින්
කේම්බලයේ (SMW4) දෝෂ යක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය සාගරය යටින් දිවෙන අදාළ කේම්බල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු පකිස්ථාන විදුලි සංදේශ සමාගම මගින් සිදු කරනු ලැබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, ඒ හේතුවෙන් වැඩි ඉල්ලුමක් පවතින කාලය තුළ ඇතැම් පරිශීලකයින්ට අඩු ඉන්ටනෙට් වේගයක් අත්විඳීමට සිදු විය හැකි බව ය.
මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ඒ සඳහා විකල්ප ක්‍රම යෙදවීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පකිස්ථාන විදුලි සංදේශ සමාගම සඳහන් කර ඇත.
එමෙන් ම, එම කාලය තුළ ඉන්ටර්නෙට් වේගයේ තරමක අඩුවක් විය හැකි බව ද ඔවුන් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිංගප්පූරුව, මැල්සියාව, තායිලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, සුඩානය, ඊජිප්තුව, ඉතාලිය, ටියුනීසියාව, ඇල්ජීරියාව සහ ප්‍රංශය ඇතුළු රටවල් අතර සන්නිවේදන කටයුතු මේ හරහා සිදු කෙරෙන බව ය.
No comments:
Post a Comment