ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවන 20යි 20 තරගයේ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂන එල්ල කළ පහරක් හතරේ සීමාවෙන් එපිටට යෑම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ස්ටීව් ස්මිත් අනතුරකට ලක්වුණි.
ස්මිත් බිමට පතිත වන අවස්ථාවේ ඔහුගේ හිස තදින් පොළොවේ ගැටීම හේතුවෙන් ඉක්මනින් ඔහුව වෛද්‍ය අවධානයට යොමුකෙරුණි.
අනතුරුව ස්මිත්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන ගියේය.
ස්මිත්ගේ හිස සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ සතියක කාලයක් ඔහුව විවේක ගැන්වීමටයි.
ඒ අනුව ස්මිත්ට ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලියේ ඉතිරි තරග 3ම අහිමි වෙයි.
කෙසේ වෙතත් ස්මිත් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක්ව ඔස්ට්‍රේලියානු සංචිතයට නම් නොකරන බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
No comments:
Post a Comment