Thursday, 17 February 2022


 වැලිපැන්නේ ඛේදවාචකයක්:

කැබ් රථයක සහ ලොරි රථයක ගැටී පෙරේදා (15 දා) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. වැලිපැන්න පරදේශයේ දී අනතුර සිදුව ඇත.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ මතුගම, ඕවිටිගල මහා විදුහලේ ගුරුවරියක ලෙසින් රාජකාරි කරමින් සිටි ලක්මාලී උදේශිකා නමැති 29 හැවිරිදි කාන්තාවකි.
කැබ් රථයේ හා ලොරියේ හැපී ස්කූටියේ ගිය ගුරුවරිය මරුට
මියගොස් ඇති කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් මතුගම දෙස සිට අලූත්ගම දෙසට
ගමන් කර ඇති අතර, පරතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටී මාර්ගය මැද බිම ඇද වැටී තිබේ.
කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයට ඇයගේ හිස යට වී ඇති බවට මූලික පරීක්ෂණවලදී තහවුරුව ඇති බැවින් අසල වෙළෙඳ සලක ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් පසු විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.
බරපතළ තුවාල ලබා සිටි කාන්තාව වෑත්තෑව දිසා රෝහලට රැුගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සිදුවීමත් සමගින් කැබ් රථ රියැදුරු පලා
ගොස් ඇත. ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත්, රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
වැලිපැන්න පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පරදීප් ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ආර්.ඒ.එස්. පේරමතිලක- බණ්ඩාරගම, විල්සන් විජේරත්න- ඉත්තෑපාන

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...