Thursday, 17 February 2022


 * විනිමය හිඟයේ බලපෑම්

කාලයක් තිස්සේම දැඩිව කතාබහට ලක්වන පරධානම කරුණ වී ඇත්තේ අප මුහුණ දී සිටින විදේශ විනිමය පරශ්නයයි. එය ආර්ථිකයේ සෑම අංශයකටම අහිතකර බලපෑම් ඇති කර තිබේ. විදේශ විනිමය හිඟය නිසා අපේ විදේශ සංචිත පහත වැටී, විදේශ ණය වගකීම් පියවීම ඉතා අභියෝගාත්මක තත්ත්වයට පත් වී ඇත. එහෙත් පැහැර හැරීමක් සිදු නොවන පරිදි සියලූ ණය වගකීම් පියවන බව මහ බැංකුව අවස්ථා ගණනාවකදීම පරකාශ කර ඇත. එහෙත් කොරෝනා වසංගතයෙන් පසු තවමත් රටට ලැබෙන විදේශ විනිමය පරමාණය සීමිත නිසා විදේශ ණය ගෙවීමට එම සීමිත විදේශ විනිමය පරමාණය යොදා ගැනීමේ දී රටේ වෙනත් අත්යවශ්ය දේ ආනයනය කිරීමට ඩොලර් පරමාණවත් නොවේ. මේ පරශ්නය අත්යවශ්ය භාණ්ඩ ගෙන්වීමට මෙන්ම කර්මාන්තවලට අත්යවශ්ය අමුද්රව්ය ගෙන්වා ගැනීමට ද ඉතා අහිතකර ලෙස බලපා ඇත. අත්යවශ්ය ආහාර ද්රව්ය ඇතුළත් කන්ටේනර් රැුසක් වරායේ හිර වී ඇති බවට දිගින් දිගටම මාධ්යවල පුවත් පළ වන්නේ මේ නිසාය. එම අත්යවශ්ය භාණ්ඩ විදේශ විනිමය ලබා දී වරායෙන් නිදහස් කර ගැනීමට මේ වනවිට කිසියම් පරමුඛත්වයක් ලබා දී ඇත. එනම්
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේ රේගුව භාරයේ ඇති අත්යවශ්ය භාණ්ඩ සහිත බහාලූම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි. ඒ සඳහා මේ වන විට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ පරධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.
ඩොලර් අවුලේ ගිලෙන දේශීය කර්මාන්තකරුවා
* කර්මාන්ත අමුද්රව්
වරායේ මෙසේ හිර වී ඇත්තේ අත්යවශ්ය ආහාර ද්රව්ය ඇතුළත් කන්ටේනර් පමණක් නොවේ. මේ රටේ කර්මාන්තවලට අත්යවශ්ය අමුද්රව්ය අනයනය කරන ලද කන්ටේනර්වලටත් මේ ඉරණමම අත්ව තිබේ. මේ නිසා කර්මාන්තකරුවන් දිගින් දිගටම මැසිවිලි නගන්නේ කර්මාන්ත අමුද්රව්ය වරායෙන් ඉක්මනින් නිදහස් කර ගැනීමට ද පරමුඛත්වය අවශ්ය බවයි. මේ ගැන ව්යාපාරික පරධානීන් රැුසක් මේ වන විටත් අදහස් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනමේ පරධාන ලේකම් කුලතුංග රාජපක්ෂ මහතා මෙන්ම ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඞී සූරියකුමාර මහතා ද මේ ලියුම්කරු සමග සාකච්ඡුා කළේය. ඔවුන් සඳහන් කරන පරිදි මේ අමුද්රව්ය ගෙන්වා ගැනීමට තිබෙන පරශ්නය නිසා මේ කර්මාන්තශාලා මේ වන විට කරියාත්මක වන්නේ අඩු ධාරිතාවකිණි. එනම් කලට වෙලාවට අමුද්රව්ය සපයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන කරියාවලියට බාධා පැමිණ ඇත. එවිට රටේ නිෂ්පාදන කරියාකාරිත්වයට ද මේ තත්ත්වය අහිතකර ලෙස බලපානු ලබයි.
* රැකියා අහිමි වීම
කලින් පරමාණයට වඩා අඩු ධාරිතාවකින් කර්මාන්තශාලාවලට වැඩ කිරීමට සිදු වී තිබෙන තත්ත්වය හමුවේ එය සේවකයන්ගේ රැුකියාවලට ද අහිතකර ලෙස බලපානු ලබයි. එනම් මේ දේශීය කර්මාන්තවල විශාල පිරිසක් රැකියා කරයි. කර්මාන්තශාලා අඩුවෙන් වැඩ කරන විට ඒවායේ සේවකයන්ගේ රැුකියා සුරක්ෂිතභාවයට ද ගැටලූවක් ඇති වන බව රහසක් නොවේ. මේ අමුද්රව්ය පරශ්නය සහ අමුද්රව්ය මිල අධික වීම හමුවේ විවිධ පරදේශවල කුඩා පරිමාණයේ කර්මාන්තශාලා
රැසක් කරගෙන යෑමට අපහසු වී ඇත. මේ වන විට ඉන් ඇතැම් ඒවා වසා දමා ඇති බව ද වාර්තා වේ. ඒවායේ සේවය කළ සේවකයන්ට රැුකියා අහිමි වීම ද සිදුව ඇත. මේ නිසා තවදුරටත් මේ තත්ත්වය උගර වීම වළක්වා ගැනීමට නම් කර්මාන්ත අමුද්රව්ය වරායෙන් නිදහස් කර ගැනීමට ද කිසියම් පරමුඛත්වයක් ලබා දීම අත්යවශ්ය කරුණකි. අත්යවශ්ය භාණ්ඩ වරායේ සිරවීමේ ගැටලූව මෙන්ම මේ අමුද්රව්ය පරශ්නය ගැනත් වහාම ජනාධිපතිතුමා පරමුඛ රජයේ අවධානය යොමු විය යුතුව ඇත. එසේම විශේෂයෙන් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මෙන්ම මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්වරුන්ගේ ද අවධානය මේ ගැන කඩිනමින් යොමු කර මේ ගැටලූව විසඳා ගැනීමට අවශ්ය පියවර වහාම ගැනීම සුදුසු ය. මේ සම්බන්ධයෙන් ඊයේ (16) උදේ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමග මේ ලියුම්කරු කළ දුරකථන කතාබහක දී කබ්රාල් මහතා පරකාශ කළේ කර්මාන්තවලට අවශ්ය අමුද්රව්ය ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට පරමුඛත්වයක් ලබාදෙන ලෙස බැංකුවලට උපදෙස් දී ඇති බවයි. එහෙත් ඒ සඳහා විදේශ විනිමය සැපයීමට නම් බැංකුවලට ද විදේශ විනිමය තිබිය යුතු වේ. පවතින විදේශ විනිමය හිඟය හමුවේ කර්මාන්තකරුවන්ට අවශ්ය අමුද්රව්ය ගෙන්වා ගැනීමට ණයවර ලිපි විවෘත කර ගැනීම දැන් කලක් තිස්සේම බොහෝ දුෂ්කර කාර්යයකි. ඒ සඳහා සති දෙකේ සිට ඇතැම් විට මාස එකහමාර දක්වා වූ කාලයක් පොරොත්තු ලේඛනයේ බලා සිටීමට සිදුව ඇති බව ද කර්මාන්තකරුවෝ පවසති. එසේ වරායට පැමිණි භාණ්ඩ නිදහස් කර ගැනීමට සිදුවන කාලපමාව අනුව වරායට පරමාද ගාස්තු ගෙවීමට ද ආනයනකරුවන්ට සිදුව තිබේ. මේ නිසා එම අමුද්රව්ය මිල ගණන් වැඩි වීම, නැව් ගාස්තු වැඩි වීමට අමතරව එම අමුද්රව්ය ආනයනය කර ගැනීමේ වියදම් තවත් ඉහළ ගොස් තිබේ. මේ පරශ්නය නිසා එම කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය තවත් වැඩි වී ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ මිල වැඩි වීමට ද එම තත්ත්වය හේතු වී ඇත. අද වන විට වෙළෙඳපොළේ ඇති සෑම දෙයකම මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
* අත්යවශ්ය නොවන භාණ්ඩ
අත්යවශ්ය භාණ්ඩවලට සහ කර්මාන්ත අමුද්රව්යවලට ඩොලර් හිඟ වුවත් වෙළෙඳපොළේ රටින් ගෙන්වන ඇපල්, දොඩම්, මිදි, බටර්, චීස්, පැස්ටා වැනි ආහාර ද්රව්ය මෙන්ම ඇතැම් ඉලෙක්ට්රොනික භාණ්ඩ ද ඕනෑ තරම් තිබේ. මේවාට ඩොලර් කොහෙන්ද? බැංකු කරමය හරහා මේවා ආනයනය කරන අයට ඩොලර් ලැබෙනවා ද? එහෙත් මෙහිදී අපට ලැබෙන ආරංචිය නම් මෙම භාණ්ඩ ආනයනය සඳහා අවශ්ය ඩොලර් සපයා ගන්නේ කිසියම් අවිධිමත් මාර්ග හරහා බවයි. එකක් පිටකොටුවෙන් එක ඩොලරයක් රු. 250 කට අධික මුදලකට සපයා ගැනීමයි. එසේම ඇතැම් විශාල අපනයනකරුවන් තමන්ගේ විදේශ විනිමය ගිණුම්වල ඇති මුදල් සුළු පරිමාණ ආනයනකරුවන්ට ඩොලරයක් රු. 255 ක් වැනි විශාල අගයකට විකිණීම ද සිදු කරනු ලබන බවට ද ආරංචි තිබේ. එය සිදු වනුයේ සුළු පරිමාණ ආනයනකරුවන්ට අවශ්ය දේ එම අපනයනකරුවන් විසින් තමන්ගේ නමින් ඉන්වොයිස් කර තම ඩොලර් ආදායමින් ආනයනය කර එම වටිනාකමට අදාළ ඩොලර් වටිනාකම සඳහා ඩොලරයකට රු. 255 ගාණේ රුපියල් වටිනාකම එම ආනයනකරුවන්ගෙන් අය කර ගැනීමෙනි. මේ ආකාරයට විදේශ විනිමය විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව මේ ලියුම්කරු මීට පෙර ද අනාවරණය කර ඇත. එහෙත් මේ ගැන මහ බැංකුව අවධානය යොමු කර තිබෙනවා ද යන්න අපි නොදනිමු. කෙසේ හෝ බැංකු කරමයෙන් විදේශ විනිමය සපයා ගැනීමට ඇති අපහසුව නිසා මෙවැනි අවිධිමත් කරමවලින් විදේශ විනිමය සපයාගෙන රටට අත්යවශ්ය දේ මෙන්ම අත්යවශ්ය නොවන භාණ්ඩ ද ආනයනය කෙරෙමින් තිබේ. මේ අතරම කර්මාන්තකරුවන්ට පවා තමන්ට අවශ්ය අමුද්රව්ය ගෙන්වා ගැනීමට මෙසේ ඩොලරයක් රු. 250 කට වැඩි අගයකට ඇතැම් විට මිලදී ගැනීමට සිදුව තිබෙන බව ඇතැම් කර්මාන්තකරුවෝ පරකාශ කරති. එසේ නොකළහොත් සිදු වන්නේ තම කර්මාන්තශාලාවල වැඩ නැවැත්වීමට හෝ වසා දැමීමට බව ද ඔව්හු සඳහන් කරති. ඒ නිසා ඔවුන්ට ඩොලර් පරශ්නය හමුවේ වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයක් තිබේ. එහෙත් එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි මේ පරශ්නය විසඳා ගැනීම සඳහා අවශ්ය සහාය ලබා දීම විශේෂයෙන්ම කර්මාන්ත අමාත්යාංශයේ වගකීමකි. මේ අතර භාණ්ඩ අපනයනය කරන කර්මාන්තකරුවන්ට නම් කිසියම් ඩොලර් ආදායමක් තිබේ. ඔවුන්ගේ බැංකුවල ඇති විදේශ විනිමය ගිණුම්වල එම අපනයන ආදායම් තිබේ. ඒ නිසා ඔවුන්ට නම් තම අමුද්රව්ය ගෙන්වා ගැනීමට යම් ඩොලර් පරමාණයක් තිබේ. එහෙත් දේශීය වෙළෙඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන සහ තම නිෂ්පාදනවලින් කොටසක් පමණක් අපනයනය කර වැඩි වශයෙන් දේශීය වෙළෙඳපොළට භාණ්ඩ සපයන අනෙකුත් කර්මාන්තකරුවන්ට තමන්ට අවශ්ය අමුද්රව්ය ආනයනය කර ගැනීමේ පරශ්නය බරපතල ලෙස තිබේ. කෙසේ හෝ විදේශ විනිමය අර්බුදය හමුවේ මෙවැනි පරශ්න රැුසක් ඇතිව තිබුණත් රටේ ආර්ථික පරශ්න විසඳා ගැනීමට ගන්නා පරතිපත්ති කරියාමාර්ග සම්බන්ධයෙන් නම් පරශ්න තිබේ. එසේම මේ සම්බන්ධයෙන් මහ බැංකුව සහ මුදල් අමාත්යාංශය අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් එක මතයක් ඇති බවක් ද නොපෙනේ. මෙය රජය සහ මහ බැංකුව එක්ව විසඳාගත යුතු පරශ්නයකි. නැතහොත් වෙළෙඳපොළට යන්නේ එතරම් හොඳ සංඥාවක් නොවේ.
* අධිභාර බද්දේ ගැටලූව
පසුගිය අයවැයෙන් ගෙනා අධිභාර බද්ද ගැන පසුගිය දිනවල විශාල කතාබහක් ඇති වූයේ එම බද්ද අර්ථ සාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදල ඇතුළු තවත් විශරාම අරමුදල් 11 කට බලපෑම නිසාය. මේවාට එම අධිභාර බද්ද අයත් නොවන බව මේ වන විට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසා අවසන්ය. එය පසුගිය කැබිනට් මණ්ඩල රැුස්වීමේ දී ද පැහැදිලි කර දී ඇත. එහෙත් මුදල් ඇමැතිවරයා ඒ අරමුදල් ඒවායින් නිදහස් බව පරකාශ කළ පමණින් ඒවා මේ බද්දෙන් නිදහස් නොවනු ඇත. එනම් ඊට අදාළ පනතේ ඒ සඳහා සංශෝධනයක් සිදු කළ යුතුව තිබේ.
* ලංකා වාණිජ මණ්ඩලයේ ඉල්ලීම
එසේම අධිභාර බද්ද නැවත සලකා බලන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා ඇත. අයවැය යෝජනාවලිය කරියාත්මක කිරීම සඳහා පසුගියදා ගැසට් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් පවතින බව ද වාණිජ මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. අයවැය නිකුත් කිරීමෙන් පසු මාධ්ය වෙත අයවැය සම්බන්ධයෙන් පරකාශ කරන ලද එහි ක්ෂණික පරතිචාරය සහ වාණිජ මණ්ඩල නායකත්වය සහභාගී වූ බොහෝ පශ්චාත් අයවැය සංසදවලදී, ආයෝජකයින්ගේ විශ්වාසය කෙරෙහි මෙවැනි බදු බලපානු ඇති බව වාණිජ මණ්ඩලය අවධාරණය කර ඇත. සාමාජික යෝජනා කිහිපයක් ලැබීමෙන් පසු, වාණිජ මණ්ඩලය සිය බදු මෙහෙයුම් කමිටුවේ මගපෙන්වීම ඇතිව මෙම යෝජනාව සම්බන්ධයෙන් මුදල් අමාත්යවරයා වෙත නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කරන ලදී. සමූහ සමාගම්වල ලාභාංශ මත ආන්තික සහන සහ ද්විත්ව බදු පැනවීම පිළිබඳ ගැටලූ මතු කරන බව ද වාණිජ මණ්ඩලය කියයි.
සියලූම බදු ගෙවන්නන්ගෙන් සියයට 10 ක ආදායම් බදු අධිභාරයක්, ආදායම් මට්ටම අනුව විවිධ අනුපාත යටතේ ආදායම් බදු අධිභාරයක් ගෙවීම සඳහා ඉදිරියට ගෙන යා යුතු ණය සලකා බලමින් අධිභාර බද්ද කරියාත්මක කිරීම සඳහා විකල්ප නිර්දේශ කිහිපයක් ලංකා වාණිජ මණ්ඩලය විසින් සපයා ඇත. බද්ද ඉවත් කිරීම හෝ අනාගත පදනම මත බදු පැනවීම රට තුළ පවතින මෙම අතිශය අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය තුළ පෞද්ගලික අංශයට එල්ල වන බර අවම කර ගනිමින් මෙම ඕනෑම විකල්පයකට ඉලක්කගත ආදායම ඉහළ නැංවිය හැකිව තිබුණ බව ද එම වාණිජ මණ්ඩලය පවසයි. එසේම කුඩා අනුබද්ධිත සමාගම් සහ සුළු කොටස් හිමියන් කෙරෙහි එහි අසාධාරණ බලපෑම සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් මට්ටමින් අධිභාර බද්ද යෙදීමෙන් වළකින ලෙස වාණිජ මණ්ඩලය විශේෂයෙන් ඉල්ලා ඇත. එසේම රජය පැත්තෙන් කිව යුත්තේ රජය එන්නත්කරණය කරමින් කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා විශාල ආයෝජනයක් කර ඇත. ඒවාට සමාජයේ වැඩි ලාභයන් උපයන අය වැඩි දායකත්වයක් ලබා දිය යුතුව ද තිබේ. වසංගතය මේ අයුරින් රජය සමනය කර නොගත්තා නම් මේ ව්යාපාරවලට ඔවුන්ගේ ව්යාපාර කටයුතු කිරීමට ද ඇති වනුයේ ඉතා දුෂ්කර තත්ත්වයකි. මේ ගැන ද එම සමාගම් සලකා බලා එක වරක් පමණක් ගෙවන මේ බද්ද ගෙවමින් තම දායකත්වය ලබා දෙමින් රජයට මේ අමාරු අවස්ථාවේ සහාය දිය යුතු වේ. එසේම රට මුහුණ දී සිටින පරශ්න විසඳා ගැනීම සඳහා වන රජයේ සහ මහ බැංකුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ද ගැටලූ තිබේ. ඒ නිසා අපි යන්නේ හරි පාරේ ද? මේ ගැන ද රජයේ සහ මහ බැංකුවේ ආර්ථික බලධාරීන් නැවත වරක් සමාලෝචනය කර අඩුපාඩු වහාම නිවැරදි කරගත යුතුව තිබේ.
ශ්යාම් නුවන් ගනේවත්ත

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...