ඇෆ්ඝනිස්ථානයේ ළිඳකට වැටි දින 4ක් තිස්සේ සිර වී ජීවිතය වෙනුවෙන් සටන් වදිමින් සිටි 6 හැවිරිදි දරුවා ජීවිතක්ෂය යට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හයිඩර් නමැති නමැති එම දරුවා බේරා ගැනීමට අඛණ්ඩව සිදු කළ මෙහෙයුමෙන් පසු ඔහු ඉන් පිටතට ගැනීමට අද (පෙබ. 18) පස්වරුවේ සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ගලවා ගැනීමේ කණ්ඩායම දරුවා වෙත ළඟා වීමට පොළව තුළට උමං මාර්ගයක් හාරා ඇති අතර
බේරා ගැනීමෙන් පසු ඔහු හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට නියමිතව තිබි ඇත.
ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පසු පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිට ඇති අතර
වෛද්‍ය කණ්ඩායම් ඔහුට ඔක්සිජන් ලබා දුන් නමුත් වෛද්‍ය කණ්ඩායම ඔහුව හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුගේ ජීවිතය අහිමි වූ බව පොලිසිය සඳහන් කර තිබේ.
මෙම දරුවා සොකාක් ගම්මානයේ පිහිටි ළිඳකට වැටී ඇත්තේ පසුගිය අඟහරුවාදා (පෙබ. 15) දින ය.
ඔහු ළිඳේ මීටර් 25 (අඩි 80පමණ පහළට ගොස් සිර වී ඇති අතර එහිදී ඔහුට එහා මෙහා යාමට හැකි වී ඇත.
"පුතේ ඔයා හොදින් ද? මාත් එක්ක කතා කරන්න. අඬන්න එපා අපි හදනෙ ඔයාව බේර ගන්න," යනුවෙන් සිර වී සිටි දරුවාට දරුවාගේ පියා කෑගසා පවසන ආකාරය සහිත වීඩියෝ සමාජජාලා මාධ්‍ය තුළ දැකගත හැකි විය.
"හරී තාත්තේ මම දිගට ම කතා කරන්නම්." යනුවෙන් ඊට දරුවා දක්වන ප්‍රතිචාරය ද එහි සටහන් වී තිබිණි.
කෙසේ නමුත් ඔහු එලෙස විවරයෙන් පිටතට ඇද ගැනීමට පැය 24කට පමණ පෙර දරුවා කිසිවක් සන්නිවේදනය කිරීම නවතා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය පවසා තිබේ.
No comments:
Post a Comment